මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන්වලට කිසිඳු බාධාවක් නැහැ

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සාමාන්‍ය පරිදි සිදුවන බව එම දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කිසියම් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් රාජ්‍ය ආයතන කිහිපයක් විසින් සිදු කරනු ලබන කාර්යයන් පසු ගියදා ඇණ හිටි බවට මාධ්‍ය වාර්තා කර තිබූ බවත්, මේ හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ද කාර්යයන් ඇණහිට ඇති බවට ව්‍යාජ තොරතුරු මවා පාමින් තැරැව්කරුවන් විසින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ලාභීන් අනවශ්‍ය පීඩනයකට ලක් කරන බව වාර්තා වූ බව එම දෙපර්තමේන්තුව නිවේදනයේ සඳහන්කර තිබෙනවා.

මේ වනවිට නාරාහේන්පිට ප්‍රධාන කාර්යාලයෙන් සිදු කරන නව මෝටර් රථ ලියාපදිංචිය හා මෝටර් රථ පැවරීමේ කාර්යයන් කිසිදු බාධාවකින් තොරව සිදු කරනු ලබන බව වැඩිදුරටත් ඔවුන් පවසා සිටිනවා.

එසේම වේරහැර රියදුරු බලපත් අංශයේ කාර්යයන් මෙන්ම අනිකුත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සියලු දිස්ත්‍රික් කාර්යාල වල කාර්යයන්ද කිසිදු බාධාවකින් තොරව මේ වන විටත් සිදුවන බවයි එම දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිට මයික් වැඩිය දිරවන්නේ නෑ කිව්වට, වැඩි දුර යන්න බෑ - කිව්වා මේ අයට බලය දෙන්න එපා කියලා
01:58
Video thumbnail
වෙඩින් එකක් රෝහලෙන් කෙළවර වුණ බිහිසුණු අනතුර "මට මොනවත් මතක නෑ..බලනකොට බස් එක පෙරළිලා"
02:48
Video thumbnail
රෝහිත කියපු ත්‍රීරෝද රථවල අලුත්ම ස්ටිකර් වැකිය - මාලිමාවට ඡන්දය දුන්නේ 40ට වැඩි අයද ?
03:37
Video thumbnail
කලින් මර්වින් දැන් මෙයා චණ්ඩි පාට් දානවා - 22 සම්මත වුණොත් කොහොම චණ්ඩි පාට් දායිද ?
05:03
Video thumbnail
වාසනා ඇතාට ජනපති නැගිටලා ආචාර කළේ වැරැද්ද මතක්වෙලා - පසුතැවෙන්න ලොකු හයියක් තියෙන්න ඕනි
01:36
Video thumbnail
"හොර හරක් ගේන ලොරි වගේ..ඇරලා බැලුවම මල කෙළියයි - හොර හරක්"රෝහිතගෙන් සැර හින්ට් එකක්
03:18
Video thumbnail
හිටපු ජනපති උපදේශකයෙක් ගැන ඇස් උඩයන හෙළිදරව්වක් ? - රනිල්ගේ කාලේ කරපු අවභාවිතාවක් ?
06:25
Video thumbnail
රවී කරුණානායකගේ නිවසට හදිසියේම අල්ලස් කොමිසමෙන් එයි - මෙන්න එහි නවතම දර්ශන
00:32
Video thumbnail
අකිලගේ ෂෙඩ් එකේ තෙල් ගහන්න ගත්තෙත් රජයේ පඩි ලබපු සේවකයෙක් - එයාලගේ සුරසැප සේරම නැතිවෙනවා
03:41
Video thumbnail
යටිනුවර මැද පළාත සමූපකාරයට දැඩි විරෝධයක් - තමන්ගේ හිතුමනාපෙට මේ සියල්ල පැහැර හැරලා
05:10