මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට කමල් අමරසිංහ

ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වන කමල් අමරසිංහ මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට අදළා යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාවට එලෙස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

කමල් අමරසිංහ මිට පෙර වයඹ පළාත් සභාවේ මාර්ග, ප්‍රවාහන, නිවාස හා ඉදිකිරීම් කර්මාන්ත සහ ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් වශයෙන් සේවය කරනු ලැබුවා.

දැනට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ලෙස සේවය කරනු ලබන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ රාජ්‍ය සේවයේ වෙනත් ක්ෂේත්‍රයක තනතුරක සේවය කිරීමට හැකි වන පරිදි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරේ රාජකාරිවලින් තමා මුදාහරින ලෙස ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ඔහු වෙනත් සුදුසු තනතුරකට පත් කිරීමට හැකි වන පරිදි වහාම ක්‍රියාත්මක වන අයුරින් රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත අනුයුක්ත කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06
Video thumbnail
ඥානසාර හිමිට ජනාධිපති සමාව ඉල්ලා ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධානය පාරට බහියි
00:58
Video thumbnail
එදා හිටපු විදියටමයි අදත් ජීවත් වෙන්නේ..අපිට හීනමානයක් නෑ - හිතාමතා කිසිම වරදක් කරන්නේ නෑ අපි
05:46
Video thumbnail
අපේ චන්දන සහෝදරයා අනතුරකට ලක්වෙලා - වරදක් කරලා තියෙනවනම් කාට වුණත් දඬුවම් ලැබෙනවා
01:55
Video thumbnail
විපක්ෂ නායකගේ ප්‍රධානත්වයෙන් කථානායකට විරුද්ධ විශ්වාසභංග‍ය අත්සන් තබපු හැටි
02:13
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20