මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

හොරණ මහරගම ප්‍රධාන මාර්ගයේ මොරගහහේන හොරගස් හන්දිය ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථය ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ රියදුරා බව සඳහන්.

තවත් වාහන කිහිපයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී මෝටර් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ ගැටී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ රියදුරා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙසට කටයුතු කළ 39 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සේවය කරන ආයතනයේ සුහද හමුවකට පෝරුවදණ්ඩ ප්‍රදේශයේ හෝටලයකදී සහභාගි වී අනතුරුව මොරගහහේන ප්‍රදේශයේ පැල තවානකට ගොස් පැළ වර්ග කීපයක් මිලදී ගෙන යළි නිවස කරා පැමිණෙමින් සිටියදී අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් මෝටර් රථයට ද බරපතල අලාභ සිදු වී තිබෙනවා.

ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2023 11 04 at 20.45.31


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19