මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට (ඡායාරූප)

හොරණ මහරගම ප්‍රධාන මාර්ගයේ මොරගහහේන හොරගස් හන්දිය ප්‍රදේශයේදී සිදුවූ මෝටර් රථ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මෝටර් රථය ලොරි රථයක මුහුණට මුහුණ ගැටීමෙනුයි අද පස්වරුවේ මෙම අනතුර සිදුවී ඇත්තේ.

මියගොස් ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ රියදුරා බව සඳහන්.

තවත් වාහන කිහිපයක් පසු කර යාමට උත්සාහ කිරීමේදී මෝටර් රථය ඉදිරියෙන් පැමිණි ලොරියේ ගැටී තිබෙනවා.

බරපතල තුවාල ලැබූ රියදුරා හොරණ මූලික රෝහලට ඇතුලත් කිරීමේදී මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මියගොස් ඇත්තේ ජලජ ජීවී වගා සංවර්ධන අධිකාරියේ කළමනාකරණ සහකාරවරයෙකු ලෙසට කටයුතු කළ 39 හැවිරිදි පුද්ගලයෙක්.

ඔහු සේවය කරන ආයතනයේ සුහද හමුවකට පෝරුවදණ්ඩ ප්‍රදේශයේ හෝටලයකදී සහභාගි වී අනතුරුව මොරගහහේන ප්‍රදේශයේ පැල තවානකට ගොස් පැළ වර්ග කීපයක් මිලදී ගෙන යළි නිවස කරා පැමිණෙමින් සිටියදී අනතුර සිදුවී තිබෙනවා.

අනතුරින් මෝටර් රථයට ද බරපතල අලාභ සිදු වී තිබෙනවා.

ලොරි රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සම්බන්ධයෙන් මොරගහහේන පොලිසිය පරීක්ෂණ සිදු කරනවා.

WhatsApp Image 2023 11 04 at 20.45.31


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි - "නම්බර් ප්ලේට් එක වෙනස් කරලා..හද හද ඉදලා"
02:58
Video thumbnail
අහුන්ගල්ලේ නිවසක් රත් කළ වෙ#ල්ල - වෙ# වැදීමෙන් පුද්ගලයෙකුට තුවාල
00:55
Video thumbnail
අද දිනයෙත් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - කාලගුණයේ නවතම තත්ත්වය මෙන්න
04:33
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
03:12
Video thumbnail
"මල්ලි යන්න එපා..ඔයා බය නැතුව ඉන්න"- අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:57
Video thumbnail
කෝටි තුනකට වැඩි රත්‍රං පාර්සල් කරලා ශරීරයේ හංගගෙන ලංකාවට ඇවිත්
00:45
Video thumbnail
මෙහෙයුම කළ නිලධාරින්ට ඕලුගලගෙන් ප්‍රශංසා - ඝා#නයකට යමින් සිටි දෙදෙනෙක් කොස්ගොඩදී අත්අඩංගුවට
01:17
Video thumbnail
අගමැතිතුමියට දූ දරුවන්ගෙන් ලැබුණු ආදරය
01:12
Video thumbnail
දඩාස් ගාලා සද්දයක් ඇහුණා - කෑලි විසිවුණා
01:51
Video thumbnail
රුපියල් කෝටි 2ක් වටිනා මත්කුඩු ගනේමුල්ල පොලිසියෙන් අල්ලයි
00:30