මෝටර් රථයක් යතුරුපැදි දෙකක ගැටී මාලිගාවත්තේ දී මාරක අනතුරක් (ඡායාරූප)

ප්‍රධාන පෙළේ ජාත්‍යන්තර පාසලක මෙහෙයුම් කළමනාකරුවෙකු පැද වූ මෝටර් රථයක් අද (27) අලුයම මාලිගාවත්ත ප්‍රදේශයේ දී යතුරුපැදි දෙකක ගැටී සිදු වූ අනතුරකින් එක් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙක් තුවාල ලබා ඇති බව වාර්තා වනවා.

පොලිසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර පොලිස් නිලධාරීයෙකු ද සිටින බවයි.

අනතුරින් මියගොස් ඇත්තේ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි විදුලි කාර්මිකයෙකු ලෙස කටයුතු කළ 52 හැවිරිදි පුද්ගලයෙක්.

තුවාල ලබා ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ රථවාහන අංශයට අනුයුක්ත සේවය කළ කොස්තාපල්වරයෙකු සහ මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26ක පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

අනතුර සිදුකළ මෝටර් රථ රියදුරු ලෙස කටයුතු කළ මෙහෙයුම් කළමනාකරු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර මෙහෙයුම් කළමණාකාරවරයා එම ජාත්‍යන්තර පාසලේ පැවති සාදයකට සහභාගි වී මත්පැන් පානය කර මෝටර් රථය ධාවනය කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39