මෝටර් රථයක් බවුසරයක ගැටීමෙන් 5කට තුවාල (ඡායාරූප)

ඉන්ධන ප්‍රවාහනය කල බවුසර් රථයක් සහ මෝටර් රථයක් මුහුණට මුහුණලා ගැටී සිදු වූ අනතුරකින් 5 දෙනෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

දිඹුල පතන මංසන්ධියේ ඊයේ රාත්‍රී සිදුවූ අනතුරින් තුවාල ලැබූවන් කොටගල ප්‍රාදේශීය රෝහල වෙත ඇතුලත් කිරීමෙන් පසු තත්ත්වය බරපතල වීම හේතුවෙන් දික්ඔය මූලික රෝහල වෙත මාරු කර යැවූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලබා ඇත්තේ මෝටර් රථයේ ගමන් කළ 5 දෙනෙක්.

ඊයේ (12) රාත්‍රී 10ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ දිඹුල පතන මංසන්ධියේදීයි.

වැලිමඩ සිට කොටගල ඛනිජ තෙල් නිතිගත සංස්ථාවේ තෙල් ගබඩා සංකිර්ණය වෙත ධාවනය කරමින් තිබූ බවුසර් රථයක් සහ නොර්වුඩ් සිට තලවකැලේ දක්වා ධාවනය වූ මෝටර් රථයක් මෙලෙස මුහුණට මුහුණ ගැටී තිබෙනවා.

මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇති අතර එහි රියදුරු බීමත්ව සිට ඇති බවටයි හෙළිවී ඇත්තේ.

තුවාල ලැබූවන් නොර්වුඩ් ප්‍රදේශයේ පදිංචි අවුරුදු 20ත් 30ත් අතර වයස් කාණ්ඩවල පසුවන පිරිසක් බවයි අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන දිඹුලපතන පොලිසිය කියා සිටියේ.

10 1
1 4
3 4
7 1
2 5
4 2
5 4
8 1
9 1
11 1
12
6 3


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04
Video thumbnail
ආණ්ඩුව නියමයි මෙහෙම තමයි කරන්න ඕන..නියමයි නියමයි
01:11
Video thumbnail
පොහොට්ටු රැළිය ඩ්‍රෝන ඇසට හසුවූ අයුරු
01:09