spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

වාද්දුව පොහද්දරමුල්ල ප්‍රදේශයේදී අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් අසලදී මෝටර් රථයක් දුම්රියක ගැටී තිබෙනවා.

අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථයේ තිදෙනෙකු ගමන් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෝටර් රථයේ සිරවී සිටි ඔවුන් ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන ඇති අතර ඉන් එක් අයෙකු සුළු තුවාල ලබා තිබෙනවා.

අනෙක් දෙදෙනාට හානියක් නොමැති බව සඳහන්.

මාතර සිට මරදාන බලා ධාවනයවූ මන්දගාමී දුම්රියේ අද පස්වරුවේ මෙම මෝටර් රථය ගැටී තිබෙනවා.

අනතුරෙන් පසු මෝටර් රථය මාර්ගයෙන් ඉවතට විසිවී පෙරලී ගොස් තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
5
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?