මෝටර් රථයක් ගිනිගෙන අළු වෙයි

වාද්දුව, පොතුපිටිය ගාලුපාරේ ගාල්කර තිබූ මෝටර් රථයක් මීට සුළු මොහොතකට පෙර මුළුමනින්ම ගිනිගෙන ඇති බව වාද්දුව පොලිසිය පවසනවා.

කළුතර නගර සභාවේ ගිනිනිවන ඒකකයේ ගිනි භටයින් සිව්දෙනෙකු පැමිණ ගින්න පාලනය කරනු ලැබුවා.

වාහනයේ කාර්මික දෝෂයක් ගින්නට හේතුවන්නට ඇති බව සදහන්.

මේ පිළිබඳව වාද්දුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්