spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමේ සූදානමක්

එංගලන්ත සීමිත පන්දුවාර නායක ඔයින් මෝගන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබෙනවා.

ඒ සම්බන්ධයෙන් ඔහු මෙම සතිය තුළ විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඒ අනුව මෝගන්ගේ ඉවත් වීමෙන් පසු එංගලන්ත සුදු පන්දුවේ නායකත්ව වගකීම ජෝෂ් බට්ලර් හට හිමිවීමට නියමිත බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

ඊට අමතරව එංගලත්න සීමිත පන්දුවාර කණ්ඩායමේ නායකත්වයට තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලීගේ නම ද යෝජනා වී ඇති බවයි වාර්තා වන්නේ.

මේ වනවිට ශාරීරික යෝග්‍යතා ගැටළු සමඟ පොරබදමින් සිටින 35 හැවිරිදි වියේ පසුවන මෝගන් නිමා වූ, නෙදර්ලන්තයට එරෙහි එක්දින තරගාවලිය තුළ එතරම් දක්ෂතා දැක්වීමට සමත් වුයේ නැහැ.

එංගලන්තය වෙනුවෙන් පළමු වරට එක්දින ලෝක කුසලානයක් දිනා ගැනීම වෙනුවෙන් කණ්ඩායම මෙහෙයවනු ලැබුවේ ද මෝගන් විසින් වීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?