මොළේ කළඳක් හරි තියෙනවානම්මේ වෙලාවේ වර්ජන කරන්නේ නැහැ – මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි

අපි වැඩ වර්ජන හෙළා දකින්නේ නෑ කවදාවත්. වැඩ වර්ජනයක් කියන්නේ වැඩකරන පංතියේ අයිතියක්. අපි එතනින් බැහැර නෑ කවදාවත්. නමුත් නිරන්තරවම අපි කියන්නේ රට කවදාවත් නැති විදිහට අසහනයකට පත්වුණ මෙවන් මොහොතක කවුරුන් හෝ තමන්ගේ ඕනෑ එපාකම් ඉටුකර ගැනීම සඳහා වර්ජනයක් සිදු කරනවා නම් මම එදත් ඒකට විරුද්ධයි, අදත් ඒකට විරුද්ධයි, හෙටත් ඒකට විරුද්ධයි. අපි පුළුවන් තරම් සාකච්ඡා කරමු. සාකච්ඡා අසාර්ථකම වුණොත් අපිත් එන්නම් ඔබට සහාය දෙන්න. නමුත් මේ මොහොතේ වර්ජනයකට අපේ සහයක් නෑ” යැයි රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ පැවැසූහ.

උන්වහන්සේ මෙසේ සඳහන් කළේ අද දිනයේ ක්‍රියාත්මක කිරීමට නියමිත හෙද පරිපූරක සෞඛ්‍ය වර්ජනය පිළිබඳව සිය සංගමයේ මතය සඳහන් කරමිනි.

මත්තේගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයක් සඳහා වැඩම කළ අවස්ථාවේදී මාධ්‍ය වෙත උන් වහන්සේ අදහස් දැක්වූහ.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ මෙසේද පැවසූහ.

“මෙවන් ජාතික ආපදා අවස්ථාවකදී අපට කොච්චර අමාරුකම්, අපහසුකම් තිබුණත් ඒවා පුළුවන් තරම් දුරට යටපත් කරගෙන කටයුතු කිරීමට සූදානම් විය යුතුයි. ජනාධිපතිවරයා පෙරේදා දිනයේදීත් අපි සමග අමාත්‍යාංශයේ දී සාකච්ඡාවක් සිදු කළා මේ සෞඛ්‍ය වෛද්‍ය ගැටලුව පිළිබඳව කමිටුවක් පත් කරලා.

දැන් මේ සම්බන්ධව අමාත්‍යාංශය කටයුතු සිදු කරනවා. මෙතන තිබෙන්නේ වෙනත් න්‍යාය පත්‍රයක්. මේ සඳහා අපිට පිළිතුරු දෙන්න පුළුවන් කමක් නෑ. ජනතාව ඒ වෙනුවෙන් පිළිතුරු ලබා දෙයි. මේ වෙලාවේ මොළේ කඳුළක් හරි තියෙනවා නම් ඕනෑම නායකයකුට පේනවා අද මිනිස්සු විඳින දුක. එක පැත්තකින් ආහාර හිඟය, අනිත් පැත්තෙන් පාරිභෝගික උපකරණ ගන්න බැරි හිඟය, මේ සේරම අතර තෙල් ප්‍රශ්නය නිසා ගමනාගමන දුෂ්කරතා. මේ වගේ දාහක් ප්‍රශ්නවල අපේ අහිංසක ජනතාව පෙළි පෙළී දුක් විඳිමින් සුසුම් හෙළමින්, තමන්ගෙ දරුවන්ට කන්න දෙන්න බැරුව දෙමව්පියන් එල්ලිලා මැරෙන තත්ත්වයක මේ වර්ජනවලට වියදම් කරන කැප කරන යම්කිසි මුදලක් තියෙනවා නම් ඒ ජනතාව වෙනුවෙන් කෑම වේලක් හරි අරන් දෙන්න.

ජනතාව ජීවත් වුණොත් පමණයි අපට යමක් කරන්න හරි පුළුවන්කමක් තියෙන්නේ. අද රට අන්තිම අසීරු තත්වයකට පත්වෙලා තියෙන්නේ. එක පැත්තකින් දෙකකින් නෙමෙයි. සෑම පැත්තකින්ම අපහසුතාවට පත්වෙලා තියෙන්නේ. අපේ පාලකයොත් මේක තේරුම් ගත යුතුයි. ඩොලර් පස්සෙම දුව දුවා හිටියොත් මේක හරියන්නේ නෑ අපි මනුස්සයා ජීවත් කළ යුතුයි.

අද ජනතාව ගෙදර බඩගින්නේ ඉඳලා පන්සලේ හාමුදුරුවන්ට දානේ ගෙනත් දෙනවා. අපිත් බොහොම හිතේ අමාරුවෙන් මේවා වළඳන්නේ. තමුන් බඩගින්නේ හිටියත් පන්සලේ හාමුදුරුවෝ බඩගින්නේ තියන්නේ නෑ අපේ ජනතාව. අද විදුලිය නැතුව අඳුරේ ඉන්න වෙලා තියෙන්නේ. එවිට වෙළෙන්දා මොකද කරන්නේ, භාණ්ඩවල මිල තුන් ගුණයක් වැඩි කරනවා. මේ හැමදේකින්ම වදින්නෙ දුප්පත් ජනතාවට. ඔය මාලිගාවල් හදාගෙන ඉන්න ඇත්තන්ට මේ දුක තේරෙන්නෙ නෑ. මේ බව රජය තේරුම් අරගෙන ජනතාවට ජීවත් වෙන්න ක්‍රමයක් ලබා දෙන්න.”

රටට විනකටින වර්ජනවලට

අපි විරුද්ධයි

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කළ ප්‍රබල ප්‍රකාශය - අභියෝගාත්මක තත්ත්වයකට විනිශ්චකාරවරුන් මුහුණ දෙන්නේ
11:48
Video thumbnail
අපි ස#රා#න් එක්කලා ෆොටෝ ගහලා නෑ බොලව් - අපි හැරිලා ගැ#වොත් උඹලට දුවන්න පාරවල් නෑ
11:57
Video thumbnail
දෙහිඅත්තකණ්ඩියට ගිය දිලිත් තරුණයින්ට සමරු සටහනුත් දෙයි..ගොවියන් බඳාගෙන දුක කියයි
03:42
Video thumbnail
ප්‍රධාන සාක්ෂිකරුවන් තුන්දෙනෙක් සියදිසි න#ගෙන - පෙර රජයවල් ලේසියෙන් සාක්ෂි ඉතුරු කරන්නේ නෑ
03:32
Video thumbnail
අලුත්ගම දර්ගා හී නැතිවූ මැකෝ ගිරවාව විමර්ශනයකින් පසු සොයාගයි - හොර ඩබලගේ කෙරුවාව එළියට
04:05
Video thumbnail
මිනිහෙක් පොහොට්ටුවෙන් ඇවිත් දැන් ආණ්ඩුව එක්ක ඩීල් දානවා - මුන්ට වඩා මොළේ තියෙනවා බූ#වන්ට
05:36
Video thumbnail
ශරීරය ලස්සන කරගන්න ගන්නා ද්‍රව්‍ය නිසා වකුගඩු රෝග ඇතිවීමේ ප්‍රවණතාවක් - ඇයි අමාරුවේ වැටෙන්නේ ?
11:34
Video thumbnail
ආශු හදිසියේම ලයිව් ඇවිත් පාර්ලිමේන්තුවේ කිඹුලා පෙන්නයි
01:25
Video thumbnail
ජීවිතයත් ම#ණයත් අතර සටනක සිටි ධීවරයෙකු Navy එකෙන් බේරාගත් අයුරු
00:52
Video thumbnail
රාජාංගනය හාමුදුරුවෝ සියල්ල දන්දී තම මල්ලි ගාවට යයි
01:41