මොහු ගැන දන්නවා නම් පොලිසියට කියන්න (ඡායාරූප)

අවශ්‍යවකර සිටින සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මහජනතාවගෙන් සහාය පතනවා.

මෙම සැකකරු තලෙයිමන්නාරම ප්‍රදේශයේ වයස අවුරුදු 09ක දැරියක් දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත්කළ අයෙක්.

මොහු බන්ධනාගාර ගතව සිටිය දී අසනීප තත්ත්වයකට ප්‍රථිකාර ලබාගැනීමට වව්නියාව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පළාගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.

කන්දයියා විජයන් හෙවත් අබ්දුල් රහුමාන් නැමැති මොහු ත්‍රිකුණාමලය, කුච්චවේලි ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

55 හැවිරිදි මෙම සැකකරු හඳුනා ගැනීමට දකුණු අත පහළ සුව වූ තුවාල කැළලක්, පපුවේ වම්පස ඉහළ කළු ලපයක් සහ පපුව මැද සුව වූ තුවාල කැළලක සලකුණු ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරක් ඇත්නම් 071 8591364 හෝ 071 8591370 යන අංක වෙත දැනුම්දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

සැකකරුගේ ඡායාරූප පහතින්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දිට්වා නිසා නායගිය තැන්වල තවම පස් ඉවත් කරලා නෑ - කඳුරේ වතුර ආවොත් මුළු පාරම වැහෙනවා
05:40
Video thumbnail
කොළඹ ප්‍රසිද්ධ හෝටලයක් වටලයි
01:11
Video thumbnail
ලංකාවේ සිට ඩුබායි Locationවල මත්ද්‍රව්‍ය තියන ජාවාරම්කරු කොටුවෙයි
01:02
Video thumbnail
පුස් බැදුණු කෑම විකුණන තලවතුගොඩ සුපිරි වෙළඳසැල..
01:57
Video thumbnail
හෙල්ල විසිකිරීමේ රන් පදක්කමශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට
00:48
Video thumbnail
හැමදාම කරන්නේ වැස්සට ඉස්කෝලේ වහනවා
01:50
Video thumbnail
නව චීන තානාපති තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි
01:37
Video thumbnail
නව චීන තානාපති - තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමති හමුවෙයි..තවත් මකර බෝට්ටු දෙකක් මෙරටට
02:04
Video thumbnail
NPP ආණ්ඩුවේ ලොකුම අභියෝගය වෙලා තියෙන්නේ නාමල් රාජපක්ෂ - 2029 නාමල් ජනපති වන බව නියතයි
06:11
Video thumbnail
කොළඹ මළ ප්‍රවාහන පද්ධතියක් සඳහා හිතුමතේ වළවල් හාරලා ?දැඩි රථවාහන තදබදයක් ඇතිවෙලා
04:46