මොසාඩ් ඔත්තුකරුවෙකුට ඉරානයේ දී මරණ දඬුවම

ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලීමේ චෝදනාවට වරදකරු වූ මොසාඩ් ඔත්තුකරුවෙකුට මරණ දඬුවමට ලක් කර ඇති බව ඉරාන අධිකරණ ප්‍රවෘත්ති ආයතනයක් වන මිසාන් ඔන්ලයින් වාර්තා කරනවා.

අපරාධ ක්‍රියා පටිපාටියේ සම්පූර්ණ ක්‍රියාවලිය හරහා ගොස් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුගේ දඬුවම තහවුරු කිරීමෙන් පසු අද (22) උදෑසන එල්ලා මරා දමා ඇති බවයි වාර්තා වන්නේ.

මොසායිබි නැමැති පුද්ගලයෙක් මෙලෙස එල්ලා මරා දමා ඇති අතර, ඔහු ඊශ්‍රායලයේ මොසාඩ් බුද්ධි ඒජන්සියට “සංවේදී තොරතුරු” ලබාදීමට උත්සාහ කළ බවයි අනවරණය වී ඇත්තේ.

ඊශ්‍රායලය සමඟ දශක ගණනාවක් තිස්සේ පැවති සෙවනැලි යුද්ධයකට හසු වූ ඉරානය, මොසාඩ් සමඟ ඇති බවට චෝදනා ලැබූ පුද්ගලයින්, විශේෂයෙන් එහි න්‍යෂ්ටික වැඩසටහන අඩපණ කිරීම අරමුණු කරගත් කඩාකප්පල්කාරී හා ඝාතන උත්සාහයන් සම්බන්ධයෙන් චෝදනා ලැබූ අයව මරණ දඬුවමට ලක් කර තිබෙනවා.

මේ අතර ජුනි 13 වන දින ඊශ්‍රායලය ප්‍රහාරයෙන් පසු ඉරාන බලධාරීන්, ඊශ්‍රායලය වෙනුවෙන් ඔත්තු බැලූ බවට සැක කෙරෙන පුද්ගලයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  1. මට හිතෙන්නෙ මේක බොරුවක්..ඒහේ සිටින ඔත්තු සපයන්නන්නව බයකරන්න …ඒකනේ අනිත් අය අත් අඩංගුවේ කියන්නෙ.😁😁😁



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
00:00
Video thumbnail
සමහරු රැළියේ යනවා අපේ හොරා අපිට හොදා කියලා..මරු - අපේ රටේ ගෝත්‍රික චූටි කණ්ඩායමක් ඉන්නවා
02:00
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති අනුර පිටව යයි
04:02
Video thumbnail
ජනපති වේදිකාවට නැගලා කහටගස්දිගිලියම හෙල්ලෙන්න දෙයි - එයාලා තාම පරණ පාරේ බර කරත්තේ
11:10
Video thumbnail
මේ ආණ්ඩුවේ කිසි කෙනෙක් හොරකම් කරන්නේ නෑ - අපි දන්නවා ඔයාලට අපිව පන්නන්න බෑ කියලා
12:16
Video thumbnail
මාලිමාවේ හොඳ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා - රට කියන බස් එක සීරීමක්වත් නැතුව අවු:2ක් ගෙනියලා තියනවා
04:31
Video thumbnail
සොබාදහමේ ආශිර්වාදය මැද ජනපති අනුර කහටගස්දිගිලිය ජන රැළියට පැමිණි අයුරු
02:26
Video thumbnail
22ට එරෙහිව සජබය 24 කොළඹට - රටේම බලය පැලවත්තට ගෙනියන්න හදන්නේ
04:46
Video thumbnail
ජනපතිගේ නොච්චියාගම ජන රැළියට සූදානම් වන අයුරු - කොහොමද වටේටම දැඩි ආරක්ෂාවක් දීලා
00:54
Video thumbnail
පැය ගණන් වේදිකාව පලනවා..බරපතළම පොරොන්දුව අමතක කරලා - අජිත්ගෙන් සැර කතාවක්
04:24