මොල්ලිගොඩ භූතයා අත්අඩංගුවට

දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරමේ නිරත වූ වාද්දුව මොල්ලිගොඩ පදිංචි මහේෂ් මදුශංක ප්‍රනාන්දු හෙවත් මොල්ලිගොඩ භූතයා නමින් අන්වර්ථ නාමයෙන් හඳුන්වන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වාද්දූව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

21 හැවිරිදි මෙම සැකකරු වාද්දුව මහා විහාර පාර ප්‍රදේශයේ දී යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බුද්ධි අංශ නිලධාරීන් ගෙන් ලැබුණු තොරතුරක් මතයි ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවේ.

වාද්දුව, මොරොන්තුඩුව, වස්කඩුව, පොතුපිටිය යන ප්‍රදේශවල දීර්ඝ කාලයක සිට හෙරොයින් ජාවාරම සිදු කළ මෙම සැකකරු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 7 යි මිලි ග්‍රෑම් 200ක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.

සැකකරු යතුරුපැදියෙන් ගොස් දීර්ඝ කාලයක් තිස්සේ මෙලෙස මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව ඇති අතර, මීට පෙර ද හෙරොයින් ජාවාරම් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව අධිකරණවල නඩු කිහිපයක්ම විභාග වෙමින් පවතින බව ද සඳහන්.

සැකකරු අද පානදුර මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:12:25
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33