spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

“මොරොක්කෝවේ රයන්” දිවි හැර ගිය පසු බලධාරීන් ගත් තීරණය

පසුගිය සතියේ  ළිං පතුලක සිරවී සිටි රයන් නමැති කුඩා පිරිමි ළමයෙකු මිය යාමෙන් පසු රට පුරා අතහැර දැමූ ළිං සියල්ල සමීක්ෂණය කිරීමට මොරොක්කෝ බලධාරීන් තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය පවසනවා.

අඩි 104ක් ගැඹුරු ළිං පතුලේ දින ගණනාවක් සිරවී සිටි රයන් ගේ දුක්ඛිත තත්ත්වය මොරොක්කෝවේ සහ මුලු ලොව පුරා මිලියන ගණනක් නරඹනු ලැබුවා.

ජල අමාත්‍යාංශයේ නිලධාරියෙකු වන Abdelaziz Zerouali පැවසුවේ ඛේදවාචකය නැවත සිදුවීම වැළැක්වීම සඳහා මෙලෙස  සමීක්ෂණය කිරීම සැලසුම් කර ඇති බවයි.

රෙගුලාසි උල්ලංඝණය කරමින් ළිං කැපූ අයට ඒවා සුරක්ෂිත කිරීම සඳහා මුදල් ගෙවිය යුතු බවටද ඔහු සඳහන් කරනවා.

වසරකට මොරොක්කෝ ජාතිකයන් 1,000කට අධික සංඛ්‍යාවක් නීතිවිරෝධී කැණීම් සම්බන්ධයෙන් දැනටමත් දඬුවම් විඳිමින් සිටින බවත් එම නිලධාරියා වැඩිදුරටත් සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?