spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොරටුමුල්ලේ කාන්තා ඝාතනයට 18 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

මොරටුමුල්ල ප්‍රදේශයේදී කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වනදා සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනවලින් අනාවරණ වූ තොරතුරු අනුවයි සැකකරු ඊයේ පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුමුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

18 හැවිරිදි සැකකරු මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අපරාධයට යොදාගත් අලවංගුවක්, කාන්තාව ඝාතනය කරන අවස්ථාවේ හැඳ සිටි ලේ තැවරුණු ටීෂර්ට් එකක්, කලිසමක් මෙන්ම ස්මාර්ට් දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?