මොරටුමුල්ලේ කාන්තා ඝාතනයට 18 හැවිරිදි සැකකරු අත්අඩංගුවට

මොරටුමුල්ල ප්‍රදේශයේදී කාන්තාවකට පහරදී ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අවශ්‍යව සිටි සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය 29 වනදා සිදු වූ මෙම ඝාතනය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සිදු කළ විමර්ශනවලින් අනාවරණ වූ තොරතුරු අනුවයි සැකකරු ඊයේ පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණේ.

සැකකරු වැඩිදුර විමර්ශන සඳහා මොරටුමුල්ල පොලිසියට භාරදී තිබෙනවා.

18 හැවිරිදි සැකකරු මොරටුව පහළ ඉඳිබැද්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක්. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අපරාධයට යොදාගත් අලවංගුවක්, කාන්තාව ඝාතනය කරන අවස්ථාවේ හැඳ සිටි ලේ තැවරුණු ටීෂර්ට් එකක්, කලිසමක් මෙන්ම ස්මාර්ට් දුරකථනයක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් මොරටුමුල්ල පොලිසියයි විමර්ශන සිදු කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56