මොරගොල්ල විදුලි ව්‍යාපෘතිය හා නව පොල්පිටිය සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිරිකිරීම් බලශක්ති ඇමතිගේ නිරීක්ෂණයට

ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 30.2ක ධාරිතාවක් එක් කරන මහවැලි ගඟේ සෑදෙන අවසන් ජල විදුලිබල ව්‍යාපෘතිය ලෙස සැලකිය හැකි මොරගොල්ල ජල විදුලිබල ව්‍යපෘතියේ සහ කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ඊයේ (12) බලශක්ති අමාත්‍යවරයාගේ නීරීක්ෂණයට ලක් වුණා.

ජාතික විදුලිබල අවශ්‍යතාවය උපරිම වන රාත්‍රී 7.00ත් 10.00ත් අතර කාලයේ දී පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගෙන යාමේදී ඉතාම වැදගත් කාර්යක් ඉටු කිරීමට අපේක්ෂිත මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතිය ඉදිරි දෙසැම්බර්යේ දී පමණ ජාතික පද්ධතියට එක් කිරීමට නියමිතයි.

මහවැලි ගඟ හරහා මීටර් 237ක් දිග සහ මීටර් 37ක් උස වේල්ලක් සාදා එම වේල්ලේ සිට කිලෝමීටර් 03ක් පමණ පොළොව යටින් උමං මඟක් හරහා ගෙනෙන ජලය භාවිතයෙන් මෙගාවොට් 15.1 බැගින් වන ජනක යන්ත්‍ර දෙකක් හරහා නිපදවන විදුලිය ජාතික පද්ධතියට එක් කෙරෙනු ඇති.

එමෙන්ම මහවැලි ජල විදුලිබල සංකීර්ණය සහ ලක්ෂපාන ජල විදුලිබල සංකීර්ණය අතර සම්බන්ධ කරමින් ඉදිකෙරෙන කොත්මලේ නව පොල්පිටිය 220kV/132kV සම්ප්‍රේෂණ රැහැන් මාර්ගය ද ජාතික විදුලිබල පද්ධතියේ ස්ථායීතාවය පවත්වාගන යාමෙහිලා විශාල කාර්යභාරයක් ඉටුකිරීමට නියමිතයි

ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරුවරුන්, දේශීය විශේෂඥයින් හා ඉදිකිරීම් සමාගම් එක්ව කෙරෙන මෙම ඉදිරිකිරීම අමාත්‍යවරයාගේ විශේෂ ඇගයීමට ලක්වුණු අතර, මොරගොල්ල ජල විදුලිබල ව්‍යාපෘතියේ ව්‍යාපෘති අධ්‍යක්ෂ ගැමුණු රණසිංහ, ලංකා විදුලිබල මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (සම්ප්‍රේෂණ, තැනීම් ව්‍යපෘති) නිශාන්ත ගරුසිංහ ඇතුළු ලංකා විදුලිබල මණ්ඩලයේ ඉහල නිලධාරීන් පිරිසක් ද මේ අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද අර්චුනාගේ සෙනඟ - ජෙප්පෝ මේ බලන්න..අර්චුනාට තියෙන ආදරේ
01:56
Video thumbnail
ඔයා බීලා ඉන්නේ..මූට වෙරි ඔක්කෝටම වැඩිය - ඒ ළමයට මොනවහරි වුණානම්
00:42
Video thumbnail
බෝම්බ ග#නවා කිව්ව අන්කල්ට ජනපති දුන් පිළිතුර - "අනේ පව් අනේ ඒ අන්කල්"
02:08
Video thumbnail
මළත් JVP අපි - ආයේ JVPය අතාරින්නේ නෑ - මේ සෙනඟ දැක්කනම් පොහොට්ටුවේ අයට බඩ යනවා
03:20
Video thumbnail
පව් අනේ මේ අන්කල්.. අනුකම්පා කරන්න..
00:19
Video thumbnail
ජනපති අනුර වෙනුවෙන් නොච්චියාගමට ආ මහ ජන ගඟ - ඩ්‍රෝන කැමරාවට හසුවූ ද‍ර්ශන
03:10
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී
01:18
Video thumbnail
අනතුරට පත් P 4447 වේග ප්‍රහාරක යාත්‍රාව ගොඩගනී - කොහොමද දැක්කමත් පුදුමයිනේ ?
01:36
Video thumbnail
මන්නාරමේ සිදුකරන සංවර්ධන ගැන ඇමති චන්දන හෙළිකරයි - මේ ප්‍රදේශය යුද්දයෙන් බැටකාපු ප්‍රදේශයක්
07:30
Video thumbnail
අනුරාධපුර නගරයට ඇදහැලුණු මහ වැස්ස
01:04