spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොරගහහේන ද්විත්ව ඝාතනයට මෝටර් රථය සැකසූ පුද්ගලයා අල්ලයි

පසුගිය 07 වනදා මොරගහහේන පොලිස් වසමේ මළොස්ඇල ප්‍රදේශයේ දී ත්‍රිරෝද රථයකින් ගමන් ගත් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ අපරාධයට සඳහා ආධාර අනුබල ලබදුම් බව කියන මෙම පුද්ගලයා ඊයේ (12) පෙරවරුවේ හෙයියන්තුඩුව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

35 හැවිරිදි වියේ පසුවන සැකකරු හෙයියන්තුඩුව, සපුගස්කන්න්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු විසින් වෙඩි තැබීම සඳහා වෙඩික්කරුවන් පැමිණ මෝටර් රථයේ අංක තහඩු ගලවා වෙනස්කර, රථය පිත්තාරු කර එහි වර්ණය වෙනස්කරමින් අපරාධය සිදුකිරීම සඳහා ආධාර අනුබල ලබාදී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු රඳවා තබාගෙන වැඩිදුර විමර්ශන පවත්වන බවයි මොරගහහේන පොලිසිය පැවසුවේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ගුවන් හමුදා සෙබළෙක් පොලිසිය සමඟ සිදු වූ වෙඩි හුවමාරුවක දී පසුගිය 08 වනදා අලුයම ජීවිතක්ෂයට පත් වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?