මොරගහහේන, කෝරලයිම ප්‍රදේශයේ පිහිටි ග්‍රාමීය බැංකුවේ සේප්පුවක් කඩා එහි තිබූ රන් ආභරණ තොගයක් කොල්ල කා තිබෙනවා.
පුද්ගලයින් තිදෙනෙකු මෙම කොල්ලය සඳහා පැමිණ ඇති අතර, අද (23) අලුයම මෙම කොල්ල සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
කොල්ලකරුවන් බැංකුවේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන්ව බැඳ දමා බැංකුවේ පිටුපස පිහිටි නාන කාමරයේ ජනේලයෙන් ඊට ඇතුළු වී තිබෙනවා.
පසුවකොල්ලකරුවන් බැංකුවේ තිබූ සේප්පුව කඩා ඒ තුළ තිබූ රන් ආභරණ කොල්ල කා පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
3
+1
+1
+1













