spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොයින් අලී යළිත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට

එංගලන්ත තුන් ඉරියව් ක්‍රීඩක මොයින් අලී යළිත් ජාත්‍යන්තර ටෙස්ට් පිටියට එක්වීමට තීරණය කර ඇති බව ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරනවා.

තමා තවදුරටත් ටෙස්ට් පිටියට අයත් බව නොහැඟෙන බව පවසමින් අලී පසුගිය සැප්තැම්බර් මාසයේදී ටෙස්ට් පිටියෙන් සමුගත්තා.

කෙසේ වෙතත් එංගලන්ත කණ්ඩායමේ පුහුණුකරු බ්‍රෙන්ඩන් මැකලම් සමඟ සිදුකළ සකච්ඡාවකින් අනතුරුව තමන් යළි ජාත්‍යන්තර ටෙස්ට් පිටියට පය තැබීමට තීරණය කළ බවයි ඔහු පැවසුවේ.

මේ වන විට 34 වන වියේ පසුවන මොයින් අලී එංගලන්තය වෙනුවෙන් ටෙස්ට් තරග 64කට ක්‍රීඩා කරමින් ලකුණු 2914ක් රැස්කරගනිමින් කඩුලු 195ක් බිඳ දමා තිබෙනවා.

අලීගේ මෙම තීරණයත් සමඟ එංගලන්ත කණ්ඩායමේ පාකිස්තාන සංචාරයට ඔහුව යළිත් එංගලන්ත සංචිතයට කැඳවීමට වැඩි ඉඩක් පවතින බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කරන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?