spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මොණරාගල SSP රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

අත්අඩංගුවට ගැනුණු මොණරාගල කොට්ඨාසය භාරව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිසිල කුමාර ඇතුළු පුද්ගලයින් හය දෙනෙකු සතියක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා අධිකරණය විසින් අවසර ලබාදී තිබෙනවා.

ඒ, සැකකරුවන් අද (09) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

මොණරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර,නිවසේ සිවිලිමේ සඟවා තිබූ වියළි ගංජා කිලෝග්‍රෑම් 15ක් සමඟ ඊයේ (08) රාත්‍රියේදී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සමඟ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරයෙකු, තවත් පොලිස් සැරයන්වරයෙකු, මොණරාගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු සහ මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?