මොටෝරියකට අනවසරයෙන් රිංගා දැරියක් හා මවක් බිය ගැන්වූ සැකකරු අත්අඩංගුවට

මැයි මස 02 වැනි දින කුරුඳුවත්ත පොලිස් වසමේ මල්පාර ප්‍රදේශයේ දී කාර් රථයකට නාඳුනන පුද්ගලයෙකු අයුතු ලෙස ඇතුල් වී වයස අවුරුදු 08ක දැරියක් තල්ලු කරමින් තර්ජ්නය කර බියට පත් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කෙරුණා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනය කළේ එම සිද්ධියට සම්බන්ධ සැකකරු අද (07) දින කුරුඳුවත්ත පොලිසිය විසින් කොළොන්නාව ප්‍රදේශයේ දී අත් අඩංගුවට ගන්නා ලද බවයි.

මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කොලොන්නාව – වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

දැරියගේ මව තම දැරිය පාසල නිමවීමෙන් පසුව නිවසට රැගෙන යාම සඳහා මෝටර් රථයෙන් පැමිණ දියණිය පිටුපස අසුනෙහි වාඩිකර මෝටර් රථයට පිටුපසින් ගොස් රියදුරු අසුනෙහි වාඩිවන අවස්ථාවේ දී පසුපස ආසනයේ සිටි නාඳුනන පුද්ගලයෙකු තම දැරිය තල්ලු කර තර්ජනය කරමින් බියට පත් කර ඇති බවට සිදු කරන ලද විමර්ශනයේ දී අනාවරණය වී තිබෙනවා.

එම අවස්ථාවේ දී දැරියගේ මව දැරිය ද රැගෙන කාර් රථයෙන් පිටතට පැමිණ කෑ ගසා උදව් ඉල්ලා ඇති බවටත් සිදු කරන ලද මූලික විමර්ශනවල දී අනාවරණය වුණා.

මෙම සැකකරු සිද්ධියෙන් පසුව පලා ගොස් සිට ඇති අතර සැකකරු විසින් පෞද්ගලික කුලී රථ සේවයක මෝටර් රථයක් උපයෝගී කරගෙන පිටව ගොස් ඇති බවට තොරතුරු හෙළිවීමෙන් පසු ඒ ඔස්සේ දීර්ඝ විමර්ශන සිදු කරමින් ඔහුව අද දිනයේ දී අත් අඩංගුවට ගැනුණා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14