මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරලෙයි

මීගමුවේ සිට නුවරඑළිය දක්වා අධික වේගයෙන් ධාවනය වු මොටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ ප්‍රපාතයෙන් පිහිටි තේ වත්තකට පිවිසිමට ඇති මාර්ගයකට පෙරලිමෙන් අද (28) අලුයම අනතුරක් සිදු වී ඇති බව හැටන් පොලිසිය පවසනවා.

අද (28) අලුයම 4ට පමණ මෙම අනතුර සිදු වී ඇත්තේ හැටන් නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ කුඩාගම ප්‍රදේශයේදියි.

අධික වේගයෙන් ධාවනය වී ඇති මොටර් රථය ප්‍රධාන මාර්ගය අභියස පිහිටි දුරකථන රැහන් ඇද ඇති කණුවක ගැටීමෙන් මොටර් රථය ප්‍රපාතයට පෙරලි ඇති අතර මොටර් රථය අනතුරට පත් වන අවස්තාවේ රියදුරා පමණක් ගමන් කර ඇති බවත්, ඔහුට සුළු තුවාල සිදු වී ඇති බවත් හැටන් පොලිසිය කියා සිටියා.

අනතුරෙන් මොටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර මොටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අනතුර පිළිබඳව පරික්ෂණ පවත්වන හැටන් පොලිසිය සැකපල කර සිටිනවා.

6 6 1
5 8
2 12 1
1 12 1
3 12 1
4 9 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14