“මොඛා” චණ්ඩ සුළි කුණාටුවක් වෙයි

ගිණිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින “මොඛා” චණ්ඩ සුළි කුණාටුව පිළිබද අනතුරු ඇඟවීම් නිවේදනය

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති “මොඛා” සුළි කුණාටුව, චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වී අද දින (මැයි 12) උදෑසන 05.30 වන විට 13.20N සහ 88.10E ආසන්නයේ කේන්ද්‍ර ගතව තිබෙනවා.

එම පද්ධතිය උතුරට බරව ඊසාන දෙසට ගමන් කරමින් පවතින බවත් තවදුරටත් වර්ධනය වෙමින් උතුරු දෙසට ගමන් කරන මෙම පද්ධතිය මැයි 14 වන දින දහවල් පමණ ගිණිකොණ දිග බංග්ලාදේශය සහ උතුරු මියැන්මාර වෙරළ තීරය හරහා ගමන් කිරීමට ඉඩ ඇති බව කාලගුණ දෙපාර්තමේන්තුව පැවසුවා.

ඉදිරි පැය 24 තුළ මෙම පද්ධතියේ බලපෑම නිසා මුහුද ප්‍රදේශවල සුළගේ වේගය පැ.කි.මි. 55-65 පමණ වන අතර විටින් විට පැ.කි.මි. 75-85 දක්වා වැඩි විය හැකි බවත් පැවසුවා.

ඉහත මුහුදු ප්‍රදේශ ඉතා රළු වන අතර විටින් විට තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් දන්වා සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අවු:16ට වැඩි හැමෝගෙම පෞද්ගලික තොරතුරු ඉන්දියාවට ගන්න පුළුවන් - ප්‍රබල හෙළිදරව්වක්
06:32
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් අධිකරණ අමාත්‍යාංශයට අදාළව 2027 පූර්ව අයවැය සාකච්ඡාව
01:22
Video thumbnail
බුදු අම්මෝ රනිල්ට හීරේට යනකොට තිබ්බ ලෙඩගොඩ - මෙතෙක් හිරගෙවල්වට ගියේ පුංචි මිනිස්සු
05:26
Video thumbnail
ආණ්ඩුව යටින් ලොකු ගේමක් ග#න්න හදන්නේ - අපි මේකට කැමති නෑ
03:05
Video thumbnail
දැන් ගොවියෝ තියෙන මිල ඇති කියනවා..ගොවියොත් එක මතේක නෑනේ
07:41
Video thumbnail
කාසල්රි සහ මාවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට
01:23
Video thumbnail
ගමේ ඉපදිච්ච එවුන්ට ගඟට එන්න අවසර නෑ
01:23
Video thumbnail
පොලිසියට අල්ලස් දෙන්න ගිය තරුණයාට වැඩ වැරදුණු හැටි
00:49
Video thumbnail
උත්තරීතර පාර්ලිමේන්තු ආසනයේ ඉදගෙන නි ඇමති දැම්ම සෙල්ලම
00:33
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න
00:36