මෛත්‍රී හොරගල් අහුලන්නේ කුමකට ද ?

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සාමන්‍යය මන්ත්‍රීවරයෙකු ලෙස මේ වන විට වසර එක හමාරකට ආසන්න කාලයක් කටයුතු කරනවා.

ඔලිම්පික් ගිය සුසන්තිකා ගමේ අවුරුදු උත්සවයේ පිඟන් සෙට්ටෙකට දිවුවා වාගේ යි යන නූතන ප්‍රස්ථාව පිරුළ මෙතෙක් සිහි කළේ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ පමණක් වුව ද පිඟන් සෙට්ටෙකට දුවන්නන්ගේ ලැයිස්තුවට අලුතින් ම එකතු වුණේ, මෛත්‍රීපාල සිරිසේන යි.

ඔහු 2020 අගෝස්තු මස පැවති මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය යටතේ තරග වැදුණේ, පොළොන්නරු දිස්ත්‍රික්කයේ පොළොන්නරු ආසනයෙන්.

ඔහු ඉන් ජයග්‍රහණය කරමින් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට තේරි පත් වුණේ, හිටපු ජනාධිපති හා පාර්ලිමේන්තු මන්ත්‍රී යන පට්ටං දෙක ම තම හිසෙහි ලා ගෙනයි.

ගෝඨාභය රාජපක්ෂ ප්‍රමුඛ වත්මන් පොහොට්ටු ආණ්ඩුව මෙරට ව්‍යවස්ථාදායකය හා විධායකය භාරගනු ලැබුවේ, ශ්‍රී ලාංකීය දේශපාලන දේහය උඩු යටිකුරු කොට මෙය සිංගප්පූරුවක් කරනවා යන සුපර් මෑන් සිහිනයක හිඳිමින් ය.

නමුත් දිනෙන් දින එම සුබ සිහින දාමය, ගඟට කැපූ ඉනි මෙන් හා කටේ නරි වාදන් රෙද්ද පල්ලෙන් බේරෙනවා යන ප්‍රථාව පිරුළු නිබඳ ව සිහි කරවන්නක් ලෙස විනා අන් ලෙසකින් ඉෂ්ට වූයේ නෑ.

බොර දියේ මාළු බාන්නටත් කල දුටු කල වළ ඉහගන්නටත් අතිශය සූස් කට්ටයෙකු වෙන මෛත්‍රී, පවතින තත්ත්වය හමුවේ දිනෙන් දින ජනතාවගේ මෝරා යන ඉච්ඡාභංගත්වය හරහා සිදු වන ආණ්ඩු දෙදරීම දෙස බලා සිටියේ, තම කපටි හා සූක්ෂ්ම දෑසින් යුතුව යි.

එනපොට හොඳ නැති බව දැනගත් මෛත්‍රී, කෙමෙන් කෙමෙන් තම නිදහස් පක්ෂ කඳවුර ආණ්ඩු විරෝධී මතයක් වෙනුවෙන් පෙනී ඉන්නා බව එළිපිට ම කරන ප්‍රකාශ දෙස උපේක්ෂාවෙන් බලා හිඳින බවක් පෙනෙන්නට තිබෙනවා.

ඒ තම මාතෘ භූමිය කෙරෙහි උපන්නා වූ අපරිමිත ස්නේහය නිසා ද එසේත් නැති නම් අනාගතය ගැන හිතේ ඇති වූ අප්‍රමාණ බයක් නිසා දැ යි යන්න තෝරා බේරා ගැනීම විචාරාත්මක පුරවැසියන් සතු යුතුකමක්.

පවත්නා රජය මෙන්ම මෛත්‍රී ද අවුරුදු 5ක් මෙම රටට හොඳට ම කළේ ය.

කොයි තරම් හොඳට ම කළා දැ යි කිව හොත් ඔහු සිය ජනාධිපති පට්ටම තබා පොළොන්නරුවට ගියේ, දෙවැනි වර ජනපතිවරණයට ද ඉදිරිපත් නො වෙමින්.

බරපතළ ගණයේ ජනතා අප්‍රසාදයකින් හා මිනිසුන් 270කට වැඩි ගණනක් අකාලයේ මරා දැමුණු සිදුවීමක වගකීම් ද ඉටු නො කළ නායකයෙකු ලෙසින් ඔහු තම ජනපති ධුරය නිමා කළා.

නමුත් මේ දිනවල නැවතත් මෛත්‍රී කරළියේ රඟ දෙනවා.

දිගට හරහට මාධ්‍යය ඉදිරියේ වොයිස් කට් ද දෙනවා.

විහිළුවෙන් තහළුවෙන් හා ඉතා ම සුවයෙන් පසුවෙන බවක් පෙන්වන්නේ ”වරෙංකෝ ගේම දෙන්නම්” යැ යි කියාන්නාක් මෙන්.

දැන් දැන් ආණ්ඩුවේ පළු ද අරින ඔහු, නිදහස් පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවක් හදනා බව පුන පුනා ප්‍රකාශ කරනවා.

මේ සියලු උත්සාහයන්ගේ හා පැවසුම්වල අවසන් ප්‍රතිඵලය කුමක් විය හැකි ද ?

වරක් ජනපති වූ මෛත්‍රී, නැවත වාරයක් පෙරට එන්නේ ඇමතිකමකින් හෝ මන්ත්‍රීකමකින් පමණක් සෑහෙන්නට ද ?

මීයක් කඩන්නේ අත ලෙවකන්නට නො වනා බව මෛත්‍රී සහ සුද්දෙන් ම දනි යි.

ඉදින් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මීළඟ ජනපති හෝ අගමැති වන්නේ, මෛත්‍රීපාල සිරිසේන ද යන කුකුසෙන් පෙළෙන්නට ජනතාවට නැවත වරක් සිදු වෙයි ද?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහානායකහිමියන්ලා දෙබිඩි පිළිවෙතක්ද අනුගමනය කරන්නේ ?නෑ නේද ? ඒ ප්‍රශ්නය Thumbnail කරන්න එපා
05:36
Video thumbnail
සජිත් ආණ්ඩුව සැරටම අමතයි - ආණ්ඩුව IMF එකේ සුරතලා වෙලා
10:51
Video thumbnail
මහානායකහිමියන්ගේ ලිපිය ඇයි මාධ්‍යයට නිකුත් නොකළේ ?මේක කරන්න එපා කියලද තිබ්බේ ?
05:02
Video thumbnail
වැරදි කරපු කරපු දඬුවම් ලැබෙනවා - ඒකට තමයි විපක්ෂය බයවෙලා ඉන්නේ
07:25
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:32
Video thumbnail
බන්ධනාගාර ගැන ශෂීන්ද්‍ර රාජපක්ෂ කළ ප්‍රකාශයට නලින්දගෙන් සැර පිළිතුරක් - පිටුපස සිටින්නේ කවුද ?
02:46
Video thumbnail
නින්ජා වෙස්ගත් පාතාල චණ්ඩි - ආයුධ උස්සගෙන යන හැටි
00:42
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21