මෛත්‍රී CIDයට ප්‍රකාශ දෙද්දී කොළඹ හතේ රහසිගත සාකච්ඡාවක්

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බව ප්‍රකාශ කළ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබා ගනිද්දි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු ලේකම් සජින් වාස් ගුණවර්ධන ශ්‍රී ලංකාවේ සිටින ඇමෙරිකානු තානාපති ජුලි වෑන්ග් සමඟ අද (25) දහවල් විශේෂ රහසිග සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

ඒ කොළඹ හතේ පිහිටි අවන්හලක ඉහළ මහලයේදීයි.

දිවා ආහාරය ලබා ගනිමින් ඔවුන් දෙදෙනා පැයක පමණ කාලයක් සාකච්ඡාවේ නිරත වී ඇති අතර, ඉන් පසු පළමුව තානාපතිනිය ඉන් පිටව ගොස් තිබෙනවා.

ඊට විනාඩි දහයකට පසු සජින් වාස් ගුණවර්ධන ද සිය බිරිද හා දරුවා සමඟ එම ස්ථානයෙන් පිටව ගොස් තිබුණා.

හිටපු ජනාධිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගොස් ප්‍රකාශ ලබාදෙන අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සෙසු නායකයින් එම ස්ථානයට පැමිණියත් සජින් වාස් ගුණවර්ධන පැමිණ සිටියේ නැහැ.

සජින් වාස් ගුණවර්ධන අවන්හලෙන් පිටව යන අයුරු ඡායාරූපයේ දැක්වෙයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
යෝෂිත සහ කරන්නාගොඩට අධිකරණයෙන් නියෝහයක්
00:55
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.04
01:17:34
Video thumbnail
159ගේම අත්වල දැන් ලේ තැවරී තියෙනවා
09:15
Video thumbnail
අනේ නාමල් දුවන්න එපා - පොඩ්ඩක් ඉන්නකෝ
10:20
Video thumbnail
නලින්ද වැස්සටවත් නීති විද්‍යාලය පැත්තට ගිහින් නෑ
10:41
Video thumbnail
රටේ වත්මන් තත්ත්වය ගැන ඇමති නලින්දගෙන් ප්‍රබල ප්‍රකාශයක් - වසංගතවලට වුණත් අපිට මුහුණ දෙන්න පුළුවන්
04:57
Video thumbnail
චාමික කරුණාරත්නට එරෙහි නඩුවට අද ලැබුණු තීන්දුව මෙන්න - "බබාට බලාපොරොත්තු වෙච්ච දේ වුණේ නෑ"
01:31
Video thumbnail
නාමල් දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:32
Video thumbnail
පාස්කුවේ සාධාරණයක් වෙලා නෑ..ඒක පට්ටපල් බොරු - මරික්කා‍ර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
14:05
Video thumbnail
ආපු හැමෝවම නටවපු මෛත්‍රීගේ සුපිරි සින්දුව
00:40