මෛත්‍රීපාල සිරිසේනටත් ඉවසුම් නැතිවෙයි…

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් අද විශේෂ හළෙිදරව් කිහිපයක්ම සිදුකළා.
එහිදී ඔහු පැවසුවේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ ඔහුගේ පවුලේ උදවියටද මහබැංකු බැදුම්කර වංචාවෙන් සොරාගත් මුදල්වලින් කොටසක් ලබාදුන් බවටද සඳහන් කළා.
මෙම කතාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පිළිතුරු ලබාදී තිබෙනවා.

එම නිවේදනය පහතින්….

මාධ්‍ය නිවේ‍දනය

ජනතා විමුක්ති පෙරමුණ හා දූෂණ විරෝධී හඩ සංවිධානය විසින් පවත්වනු ලැබූ මාධ්‍ය සාකච්ඡාවේදී ඉදිරිපත් කල ව්‍යාජ ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධවයි.

අද දින (2022/05/03)ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පදනම් ආයතනයේදී පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවේදී මහබැංකු බැඳුම්කර වංචාවට අදාල කරුනු ඉදිරිපත් කිරීමේදී එවකට ජනාධිපතිවරයාව සිටි ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ එම පවුලේ උදවිය හට මහබැංකු බැඳුම්කර වංචාවෙන් සොරාගත් මුදල් වලින් යම් කොටසක් බෙදා දුන් බවට දූෂන විරෝධී හඩ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසින් කරන ලද චෝදනාව තරයේ පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.

දේශපාලන වාසි තකා පදනම් විරහිතව නිරිදෝශී පුද්ගලයන් හට චෝදනා එල්ල කිරීම සදාචාරාත්මක දේශපාලන ක්‍රියාවක් නොවනු ඇත. ඉදිරියේදී මෙම ද්වේශ සහගත ප්‍රකාශය සම්බන්ධව ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව දැනුම් දෙමි.

මෙය සම්පූර්ණයෙන්ම සත්‍යයෙන් තොර ප්‍රකාශයක් වන අතර මහබැංකු වංචාවේ දූෂිත ගණුදෙනු හෙලිකර ගැනීමට ශ්‍රී ලංකා ඉතිහාසයේ වෝහාරික විගණනයන් හා ශ්‍රේෂ්ඨාධිකරන විනිෂ්චකාරවරුන්ගෙන් සමන්විත ජනාධිපති කොමිසමක් පත්කරමින් මහබැංකු බැඳුම්කර වංචාව විමර්ශණය කිරීම සඳහා හිටපු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කැපවීම අද සමාජයේ බොහෝ දෙනෙක් අගය කරන කරුණක් වන අතර එය දෙස් විද‍ෙස් ගෞරවයට පාත්‍ර වූ කාරණයක් බවද වැඩිදුරටත් දන්වා සිටිමි.

ස්තූතියි,
*සමිර ද සිල්වා*
පුද්ගලික ලේකම්,
හයවන විධායක ජනාධිපති.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11