මෛත්‍රීපාල ශ්‍රීලනිප සභාපති තනතුරින් ඉවත්වෙයි – සභාපතිකම විජයදාසට

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති තනතුරින් මෛත්‍රීපාල සිරිසේන ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ, මේ වනවිට මෛත්‍රීපාල සිරිසේන පාර්ශ්වය පවත්වනු ලබන එම පක්ෂයේ විධායක කමිටු රැස්වීමේ දීයි.

පක්ෂයේ නව සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීමට පක්ෂයේ විධායක කමිටුව ඒකමතිකව මෙහිදී තීරණය කර ඇති බවයි වාර්තා වුණේ.