spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීට ලැබුණු නියෝගය

පාස්කු දින ප්‍රහාරයට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ලබා දුන් ප්‍රකාශය සම්බන්ධයෙන් අප්‍රේල් මස 4 වන දා ප්‍රකාශයක් ලබා දෙන ලෙස මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.

නීතිපති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම අධිකරණයට ඊයේ (28) දින කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දුන්නා.

පාස්කු ඉරුදින ප්‍රහාරය කළේ කවුදැයි තමා දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පසුගිය 22 වන දා නුවරදී ප්‍රකාශයක් කළා.

ඉන් පසුව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස්ගේ උපදෙස් පරිදි පොලිස්පති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර සිටියා.

අනතුරුව හිටපු ජනාධිපතිවරයා පසුගිය 25 වන දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ ප්‍රකාශයක් ලබා දුන් අතර එම දෙපාර්තමේන්තුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේ ඒ අනුව යි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?