spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෛත්‍රීගේ පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය තීරණය කරයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පෞද්ගලික පැමිණිල්ලක් බලරහිත කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සම පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමට අභියාචනාධිකරණය අද තීරණය කළා.

එම විනිසුරු මඩුල්ල සඳහා අභියාචනාධිකරණයේ සිටින ජ්‍යෙෂ්ඨතම විනිසුරුවන් පත් කිරීමට පියවර ගන්නා බවත් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා නිවේදනය කර සිටියා.

මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ප්‍රකාශයට පත් කරන තුරු ඔහුට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින පුද්ගලික පැමිණිල්ල කැඳවීමකින් තොරව බහා තබන ලෙසත් අභියාචනාධිකරණය විසින් කොටුව මහේස්ත්‍රාත් වරයාට නියෝග කලා.

අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු නිශ්ශංක බන්දුල කරුණාරත්න සහ ඒ.මරික්කාර් යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?