මෛත්‍රීගේ පාස්කු පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරයා ඉවත් වෙයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වළක්වාගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් තමන්ට එරෙහිව ගොනුකර තිබෙන පුද්ගලික පැමිණිල්ලක් බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ගොනු කර තිබෙන රිට් පෙත්සම් විභාගයෙන් අභියාචනාධිකරණයේ සභාපති නිශ්ශංක බන්දුල කරුණාරත්න මහතා අද ඉවත් වුණා.

එම පෙත්සම අද (16) පංච පුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේ දී මෙම දැනුම්දීම සිදුකරනු ලැබුවා.