මේ සාපය දැන් ඇති රැළියට ආවොත් වෙන දේ මෙන්න

“මේ සාපය දැන් ඇති“ යන තේමාව යටතේ ආණ්ඩුවට එරෙහිව විරෝධතාවයක් අද (16) කොළඹ දී පැවැත්වීමට සමගි ජනබලවේගය පක්ෂය සැලසුම් කර තිබේ.

එම විරෝධතාව සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව පැවැත්විය යුතු බවට නියම කරන්නැයි පොලීස් ස්ථාන කිහිපයකින් කළ ඉල්ලීම්වලට අධිකරණයේ අවසරය හිමිවූ අතර ඇතැම් පොලිස් ස්ථාන මගින් කළ ඉල්ලීම් අධිකරණ මගින් ප්‍රතික්ෂේප කර ඇත.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා සඳහන් කළේ දරිද්‍රතාවයට, ජනතාව මුහුණුපාන අනෙකුත් ගැටලුවලට සහ ආණ්ඩුවේ දුෂණයට එරෙහිව මෙම ජන උද්ඝෝෂණය සංවිධානය කර ඇති බවය.

කෙසේ වෙතත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් මෙම විරෝධතාව සඳහා ඉඩ ලබා නොදෙන බවය.

ඔහු පවසා ඇත්තේ සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂකයින් කොළඹ ට පැමිණියහොත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවය.

මේ අතර, සෞඛ්‍ය නීතී උල්ලංඝනය කරන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසියට උපදෙස් ලබාදී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56