මේ වගේ ඇස් බැන්දුම්වලට ඔබත් හසු වුණා ද? (වීඩියෝ)

කාලයෙන්, කාලයට ලංකාවේ විවිධාකාර ජාවාරම් හිස ඔසවන අතර මේ වන විට එම ජාවාරම්වල මුල් තැන හිමි කර ගෙන ඇත්තේ රාවණා ගල් නම් පාෂාණ විශේෂයක් සෙවීම සඳහායි.

කලකට පෙර V.O.C. පිඟන්, පැරණි අකුණු සන්නායක, කිඹුල් හූනන් ආදිය සොයා රට පීරූ තැරැව්කරුවන් මේ වනවිට පවසන්නේ රාවණා පාෂාන රුපියල් කෝටි 800 ත් 900 ත් අතර මිලකට ගැනීමට ඉන්දියානු පුසාරිවරුන් පිරිසක් මෙරටට පැමිණ ඇති බවයි.

වරින් වර මෙරට තුල කරළියට පැමිනි ජාවාරම් අතර ලන්දේසි යුගයේ මෙරටට ගෙන ආ බව කියන VOC ලකුණ සහිත පිඟන්, පැරණි අකුනු සන්නායක මෙන්ම කිඹුල් හූනන් ද පෙරමුනේ පසුවුණා.

මේවා සොයන තැරැව්කරුවන් පවසන්නේ අදාළ භාණ්ඩ ලබාගැනීම සඳහා පිටරටවල සිටින ප්‍රකෝටිපති ව්‍යාපාරිකයන් පැමිණ ඇති බවයි.

එවැනි භාණ්ඩ සොයා දුනහොත් ඒ සඳහා රුපියල් කෝටි ගණනින් මුදල් ලබාදිය හැකි බවත් පවසමින් මෙම තැරැව්කරුවන් මෙම ජාවාරම් ක්‍රියාත්මක කරනවා.

ඒම ජාවාරම් පෙළේ නවතම දිගුව වන්නේ මේ දිනවල රට පුරා සොයන රාවණාගල නම් පාෂාණයයි.

සංවිධානාත්මක තැරැව්කරුවන් පවසන්නේ රාවණා පාශාණය සොයා ගෙන ඉන්දියාවේ සිට පූජකයින් පැමිණ ඇති බවයි.

තම බැතිමතුන්ට විජ්ජා පෙන්වීම සදහා පුජකයින් මෙම රාවණා පාශාණය සොයන බවයි තැරව්කරුවන් පවසන්නේ.

එලෙස පැමිණ ඇති ඉන්දීය පුජකයන් මෙම රාවණා පාෂාණය සඳහා මෙරට මුදලින් රුපියල් කෝටි 800- 900 වැනි ඉහළ මිලක් ගෙවන බවත් ජාවාරම්කරුවන් මේ සඳහා උනන්දුවන අයට පවසනවා.

මේ අතර තවත් සංවිධානාත්මක ජාවාරම්කරුවන් පිරිසක් විසින් මෙම බලගතු රාවණාගල් තමන් සතුව ඇති බව දක්වමින් වීඩියෝ දර්ශන විවිධ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ මුදාහරින්නේ ජනතාව මවිත කරවමින්.

රාවණා ගලට ඇතිබව පැවසෙන මෙම සුවිශේෂී බලය පෙන්වීම සදහා ඔවුන් එම වීඩියෝ පට හරහා පුදුම සහගත ක්‍රියාකාරකම්වල නිරතවනවා.

ඒ අතරට‌ මෙම රාවණා පාෂාණයට සුදුළුනු ලං කිරීම, එය අතේ තබාගෙන කොණ්ඩ කැපීමට උත්සාහ කිරීම, රාවණා පාෂාණය ඇති අතට කටු ගැසීම ආදී දේවල් සිදුකරන්නේ එහි ඇති බලය පෙන්වීම සඳහායි.

ඊට අමතරව රාවණාගල සමග තවත් වස්තුවක් තබා ඊට ඉදිරියෙන් කණ්ඩිය ඇල්ලු විට රාවණාගලේ ප්‍රතිබිම්බය කණ්නාඩියේ සටහන් නොවන බව පෙන්වීම ඔවුන් සිදුකරන තවත් ඇස්බැන්දුමක්.

කෙසේ වෙතත් මෙම දර්ශන දැක ඊට මුලාවන ධනවත් ව්‍යාපාරිකයන් තමන් ඉදිරියේ මෙම විජ්ජාව පෙන්වන ලෙස දැනුම්දුන් පසු ජාවාරම්කරුවන් පවසන්නේ ඒ සඳහා මුදල් ලබාදිය යුතු බවටයි.

කෙසේ වෙතත් මෙම රාවණා පාෂාණය පිළිබඳව කිසිදු විද්‍යාත්මක කරුණු තහවුරුකිරීමක් සිදුවන නොමැති පසුබිමක මෙවැනි ඇස් බැන්දුම් පිළිබඳව වඩාත් අවදියෙන් සිටින ලෙසටයි මේ හෙළිදරව්ව සිදුකරමින් දසත නිවුස් ඔබට දැනුම් දෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පළාත් සභා මැතිවරණය ගැන අහපු ප්‍රශ්නයට හරිනිට කට උත්තර නැතිවුණාද ?
00:20
Video thumbnail
නන්දා මාලනිය ගැන සජිත් කිව්ව සුපිරි කතාව - වමට බර සංකල්පවලත් උතුම් ගුණාංග තියෙනවා
04:08
Video thumbnail
සජිත් මහත්තයා ඉතින් රජ වෙන්න ඕනි..දෙවි කෙනෙක් වගේ - අපිට ලක්ෂ 18ක තීන්ත දුන්නා
03:27
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන සජිත්ගෙන් හෙළිදරව්වක් - ජනතාව දැවැන්ත සාගින්නකට මුහුණදීමේ ප්‍රවණතාවක්
05:48
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56