මේ දේශපාලකයෝ රට විනාශ කළා’ -කාදිනල් හිමිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

නිදහසින් පසු රට ලෝක බලවතුන් හමුවේ ණයගැතියෙකු බවට පත් කර රටේ ජනතාව බේදබින්න කිරීමට එදා මෙදා තුර පාලන බලය හිමිවු දේශපාලකයින් වගකිව යුතුබව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසති.

උන්වහන්සේ පෙන්වා දෙන්නේ රට තුළ පවතින ගැටළු විසඳා ගැනීමට රටේ සෑම පාර්ශ්වයක්ම එක්ව කටයුතු කළයුතු බවය.

73වන නිදහස් දිනය වෙනුවෙන් කතෝලික දේව මෙහෙය අද (04) පැවැත්වුණේ බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දෙව් මැදුරේදී ය.

එම දේව මෙහෙයට සහභාගී වෙමින් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් මේ බව කියා සිටියේ ය.

“රටේ පොදු සම්පත් ලෝක බලවතුන්ට විකුණා සැප විඳින්නට උත්සහ කරන්නට බැහැ අපට. පසුගිය වසර 20ක 30ක කාලයක සිට මේ දේවල් විකිණීමේ තත්ත්වයකට අපේ රට පත්ව තිබෙනවා. අපට බැරි ආර්ථික ක්‍රම මේ රටට හඳුන්වා දෙන්නට ගිහිල්ලා මේ රට ලෝකයේ නොයෙකුත් රටවල්වල ණයකාරයෙක් බවට පත්කරලා. මේ සෑම දෙයක්ම වෙලා තියෙන්නේ අපේ රටේ නායකයෝ ගමන්කළ වැරැදි මාර්ග නිසයි. ඒ වගේම මේ ලස්සන දිවයිනේ අද දිවයිනවල් කිහිපයක්ම තියෙනවා. එක එක භාෂා කථාකරන අයට වෙන වෙනම කොටස් තියෙනවා. මේ රට ජාතිය, ආගම, භාෂාව යන පදනම මත බෙදිලා ඉවරයි. මේ බෙදීම් ඇතිකළේ අපේම නායකයෝයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආණ්ඩුව ගෙදර යන්න ලෑස්ති වෙන්න
01:25
Video thumbnail
ලොකු මිනිස්සුන්ටත් හිතන්න දෙයක් කියලා දුන්න පුංචි දරුවෝ ටික - යාළුකමට දෙන්න පුළුවන් හොඳම උදාහරණය
03:54
Video thumbnail
මොණරාගලට ඇදහැළුණු අයිස් වැස්ස
01:21
Video thumbnail
පොළොන්නරුවේ ගොවියෝත් පාරට බැහැලා ආණ්ඩුවට රතු එළි දල්වයි
01:18
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිද්ධියේ බොරු පිට බොරු කියූ පෙම්වතා අවසානයේදී කොටුවෙයි - රට පනින්නත් ගිහින්
02:24
Video thumbnail
අන්න මාලිගා හැදෙනවා, බඩ ඉස්සරහට දාගන්නවා - ලස්සන හදාගෙන තියෙනවා
08:32
Video thumbnail
චිත්‍රාල් ආණ්ඩුව සැරටම අමතයි
09:02
Video thumbnail
තවත් කෙනෙකුගේ දියුණුව දරාගන්න බැරි තැනට වැටුණු මිනිස්සු - හිත් මෙච්චර පිරිහිලාද ?
03:05
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57