මේ දිනවල පැතිරෙන උණ දරුවන් ව නෑවීමට ගැටලුවක් නොවෙයි – විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා

මේ දිනවල දරුවෝ අතර වෛරස් උණ තත්ත්වයන් කිහිපයක් පැතිරෙන බව ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

පාසල් නිවාඩුව ක්‍රියාත්මක වන බැවින් දරුවන් විනෝද චාරිකා, කෙළි සෙල්ලම් කටයුතුවල වැඩි වශයෙන් නිරත ව සිටීම හේතුවෙන් විෂබීජ සහ වෛරස තත්ත්වයන්ට නිරාවරණය වීම මීට හේතුව බවයි වෛද්‍යවරයා පෙන්වාදෙන්නේ.

ඉන්ෆ්ලුවන්සා A හා B රෝගී තත්ත්වය, පාචනය, අධික සෙම්ප්‍රතිශ්‍යාව, ශරීරයේ රතු ලප, කෙටි උණ මෙන් ම දිගු කාලීන කැස්ස ද මෙම වෛරස තත්ත්වයන් ද වෛරස ආසාදනය වූ දරුවන්ගේ රෝග ලක්ෂණ බව වාර්තා වනවා.

නමුත් මෙම රෝගී තත්ත්වය වෛරසයක් බැවින් ප්‍රතිජීවක ඖෂධ ලබාදීමේ අවශ්‍යතාවක් නොමැති බවත්; පැරසිටමෝල් පමණක් නියමිත මාත්‍රාවට ලබා දීම සහ විවේකය මෙම රෝගය සුව කිරීමට අත්‍යවශ්‍ය වන බව ද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

ඇතැම් දරුවන්ට රෝගී තත්ත්වය සුව වීමෙන් පසුව හිසරදය හෝ කැස්ස පැවතිය හැකි බැවින් ඒ සඳහා අවශ්‍ය වෛද්‍ය උපදෙස් වෙත යොමු වන ලෙසට ද ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයා දෙමාපියන්ගෙන් ඉල්ලා සිටිනවා.

කිසිදු ලෙසකින් මෙම වෛරස තත්ත්වයන් වැළඳුණු දරුවන් ස්නානය කරවීමේ බියක් ඇතිකර නොගත යුතු බවත්; මඳ රස්නය ඇති උණු වතුරින් ශරීරය තෙත මාත්තු කිරීමෙන් උණ රෝගය අඩු කරගත හැකි බව ද වෛද්‍යවරයාගේ අදහසයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
00:00
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
00:00
Video thumbnail
වෙ# තියලා මැ#වත් අපි බය නෑ - මාරසිංහ ගාව හිටිය පොඩි කොල්ලා මම - වාරුව ගන්න අවු:40ක් බලාගෙන හිටියා
03:48
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා මිසක් අපි පස්සට යන්නේ නෑ
02:34
Video thumbnail
පොහොට්ටු රැළියේ සෙනඟ වැඩි නිසා කණුවක් උඩට නැග්ග තරුණයෝ
00:32
Video thumbnail
පොහොට්ටුවේ අනුරපුරේ බලය පෙන්නද්දී මාලිමාව පොළොන්නරුවේ වැඩ පෙන්නයි
01:34
Video thumbnail
අර්චුනාත් පොහොට්ටුවේ වේදිකාවට ගොඩවෙයි
02:48
Video thumbnail
අපි මොන සෙල්ලම් දැම්මත් ඔබේ හයිය නැත්තම් අපිටත් හයිය නෑ - පොහොට්ටුවේ පළමු වෙ# මුරය මේක
03:13
Video thumbnail
අනුර කුමාර ඇවිල්ලා බලපන් - උඹේ පචවලට උත්තර දෙන්න අපි සූදානම්
01:21
Video thumbnail
නාමල්ව ජනාධිපති කරලා තමයි අපි නවතින්නේ
01:38