spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේ දවස්වල නාද්දී, එළවළු පලතුරු කද්දි ප්‍රවේසමෙන් !

පසුගිය දින කිහිපයේ දී ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් බෝ වන රෝග පැතිරීමේ අවදානමක් මතු ව ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල පවසනවා.

වෛද්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ මෙම අවදානම කළුතර දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජනතාවට මේ වනවිට උද්ගත ව ඇති ප්‍රශ්නයක් බවයි.

ජනතාව පාවිච්චි කරන පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වීම මත මෙම තත්ත්වය උදා වී ඇති බවත් වෛද්‍යව‍රයා පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් අපිරිසිදු ජලයෙන් වැළඳෙන අතීසාරය, සෙංගමාලය වැනි රෝගවලින් බේරීම සඳහා නිරන්තරයෙන් උණුකර නිවාගත් ජලය පානයට මහජනතාව නැඹුරු වීම වැදගත් බවයි.

එමෙන්ම වැසි ජලයෙන් හේන් ගොවිතැන් මෙන් ම කුඹුරු ආදිය ද යට වීම නිසාවෙන්, විකිණීමට වෙළෙඳපොළට ගෙන එන අමු එළවළු, පලා වර්ග සහ පලතුරු වර්ග ආහාරයට ගැනීමට පෙර ලුණු ද්‍රාවණයක මිශ්‍ර කර, සුදුසු උෂ්ණත්වයක් යටතේ පිසගැනීම වඩාත් ශරීර සෞඛ්‍යයට සුදුසු බවත් වෛද්‍ය කළුබෝවිල පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් හැකි තාක් සිය නිවසේ ම පිසූ ආහාරපාන ගැනීම වඩාත් සුදුසු බවත් හෙතෙම අවධාරණය කර සිටිනවා.

කුඹුරු ආශ්‍රිත ව පිහිටා ඇති ළිංවලින් ස්නානය කිරීමේ දී වඩාත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඊට හේතුව වන්නේ මී උණ (ලෙප්ටොස්ෆයිරෝසියස්) වැනි රෝග වැළඳීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
2
+1
1
+1
4
+1
6
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?