මේ දවස්වල නාද්දී, එළවළු පලතුරු කද්දි ප්‍රවේසමෙන් !

පසුගිය දින කිහිපයේ දී ම දිවයිනේ බොහෝ ප්‍රදේශවලට ඇති වූ අධික වර්ෂාපතනය හේතුවෙන් බෝ වන රෝග පැතිරීමේ අවදානමක් මතු ව ඇති බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල පවසනවා.

වෛද්‍ය අධ්‍යක්ෂවරයා පෙන්වාදෙන්නේ මෙම අවදානම කළුතර දිස්ත්‍රික්කය තුළ ජීවත් වන ජනතාවට මේ වනවිට උද්ගත ව ඇති ප්‍රශ්නයක් බවයි.

ජනතාව පාවිච්චි කරන පානීය ජල මූලාශ්‍රවලට අපිරිසිදු ජලය එක්වීම මත මෙම තත්ත්වය උදා වී ඇති බවත් වෛද්‍යව‍රයා පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් අපිරිසිදු ජලයෙන් වැළඳෙන අතීසාරය, සෙංගමාලය වැනි රෝගවලින් බේරීම සඳහා නිරන්තරයෙන් උණුකර නිවාගත් ජලය පානයට මහජනතාව නැඹුරු වීම වැදගත් බවයි.

එමෙන්ම වැසි ජලයෙන් හේන් ගොවිතැන් මෙන් ම කුඹුරු ආදිය ද යට වීම නිසාවෙන්, විකිණීමට වෙළෙඳපොළට ගෙන එන අමු එළවළු, පලා වර්ග සහ පලතුරු වර්ග ආහාරයට ගැනීමට පෙර ලුණු ද්‍රාවණයක මිශ්‍ර කර, සුදුසු උෂ්ණත්වයක් යටතේ පිසගැනීම වඩාත් ශරීර සෞඛ්‍යයට සුදුසු බවත් වෛද්‍ය කළුබෝවිල පෙන්වාදෙනවා.

මේ හේතුවෙන් හැකි තාක් සිය නිවසේ ම පිසූ ආහාරපාන ගැනීම වඩාත් සුදුසු බවත් හෙතෙම අවධාරණය කර සිටිනවා.

කුඹුරු ආශ්‍රිත ව පිහිටා ඇති ළිංවලින් ස්නානය කිරීමේ දී වඩාත් අවධානය යොමු කිරීම අත්‍යවශ්‍ය කරුණක් බවත්, ඊට හේතුව වන්නේ මී උණ (ලෙප්ටොස්ෆයිරෝසියස්) වැනි රෝග වැළඳීමේ අවදානමක් පවතින බවයි සෞඛ්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය තඹර කළුබෝවිල වැඩිදුරටත් පෙන්වාදෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46
Video thumbnail
BOI එක ආයෝජනවලට දාන්න පුළුවන් ලොකුම බාධා ටික දානවා - එන ටිකත් අවට රටවල්වලට යොමු කරනවා
03:35
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21