මේරියන්ස් නායක නලීන් පෙරේරා ගෙන් කාරුණික ඉල්ලීමක්

විවාහ මංගල කටයුතු ඇතුළු උත්සව තහනම් කිරීම හේතුවෙන් එම කර්මාන්තය හා බැඳුණු කලාකරුවන් දැඩි අර්බුදයකට පත්වී තිබේ.

විවාහ කර්මාන්ත සේවා සපයන්නන්ගේ එකමුතුව මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ඔවුන්ට අත්වී ඇති ඉරණම පැහැදිලි 
කළේය.

ඊයේ (06) පැවැති එම මාධ්‍ය සාකච්ඡාවට කලාකරුවන්, උත්සව සඳහා සේවා සපයන්නන් ඇතුළු එම ක්ෂේත්‍රයන්ට සම්බන්ධ 
පිරිසක් සහභාගී විය.

එහිදී අදහස් දක්වමින් ප්‍රවීණ ගායන ශිල්පී නලීන් පෙරේරා මහතා කියා සිටියේ, 

“මේ ක්ෂේත්‍රයට අදාළ අය ඉන්නවා මිලියනයකට වඩා පිරිසක්. මේ කොටස විතරක් වසා තබමින් ඉන්නකොට අපි ප්‍රශ්නය මතු කරන්නේ අපි කන්නේ බොන්නේ කොහොමද?. ණය ගෙවන්නේ කොහොමද? කියලා කවුරුත් අහන්නේ නෑ. අපි ඉල්ලන්නේ 150ක් වගේ ප්‍රමාණයකට විවාහ මංගල්‍ය උත්සවයක් කරන්න දෙන්න කියලා බොහොම සාධාරණ ඉල්ලීමක්.”


එහිදී අදහස් දැක්වූ ප්‍රවීණ නර්ථන ශිල්පී චන්දන වික්‍රමසිංහ මහතා,

“තීන්දු තීරණ ගන්න කට්ටිය දන්නවා ද? මේක වෘත්තියක් කියලා. මේකෙන් වෙන්නේ මිනිස්සු අපේ වෘත්තියෙන් ඈත් වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කළු කඩ සමාගම් ජනතාවගේ වාහන කොල්ලකනවා - ප්‍රධාන අනුග්‍රහය දෙන්නේ පොලිසිය
09:57
Video thumbnail
ආණ්ඩුව වෙනුවෙන් SB හඬ නගයි - සේවා කාලය දීර්ඝ කිරීම හොඳයි
07:00
Video thumbnail
ගමට ගෙනා පුංචි ආණ්ඩුව ගැන ලාල්කාන්ත කට අරියි - දැන් ගම බලාගන්න ඕනි ඔයගොල්ලෝ
10:00
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කෝ.. සජිත් රිදෙන්නම දෙයි
07:31
Video thumbnail
වතුර තියෙන තැන් හොයාගෙන යන මාළු..මනුස්සයෙක්ට නාගන්න විදියක්වත් නෑ..වැඩත් නෑ
03:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ දැනුම්දීමක් - සමහර දිස්ත්‍රික්ක සඳහා ගිගුරුම් සහිත වැසි ?
03:58
Video thumbnail
සංචාරකයොන්ට නිදහසේ යන්න නොදෙන කුඹල්ගම චණ්ඩි - "උඹට මං ඊළඟ පාර අනිවාර්යෙන් ග#නවා"
01:06
Video thumbnail
සජිත් මැතිතුමනි අපේ ජනපති වේවා - සජිත්ගෙන් වැඳලා ඉල්ලයි
01:27
Video thumbnail
නඩු නැති පිරිසිදුම කණ්ඩායම ඉන්නේ සජිත් එක්ක
01:03
Video thumbnail
ගවයින්ට බොන්න ජලය ලබා ගන්න වැව් මැද වලවල් හාරන මොණරාගල මිනිස්සු
00:59