මේක දෛවෝපගත සිද්ධියක් : මේනකා ඉවත් වුණාද ඉවත් කළාද?

ඇය හැර ගිය ඇය නැවත ඇවිත්. ඇත්තටම මොකක්ද සිද්ධ වුණේ. කිහිප දෙනෙක් දන්න දේ ගොඩක් දෙනකුට රහසක්. මේ නිසාම අපි මහේෂි මධුසංකාට කතා කළේ ඇත්ත දැනගන්න. ඇය අපිට වසන් නොකළ ඇත්ත ඔබත් දැනගන්න.
 
මහේෂි කාලෙකට පස්සේ ඇය ට සම්බන්ධ වෙනවා. කොහොමද ලැබෙන ප‍්‍රතිචාර?
 
ඇත්තටම ගොඩක් හොඳයි. මොකද ඇය ට ගොඩක් දෙනෙක් ආදරය කළා. ඒ නිසා ලැබුණ ප‍්‍රතිචාරවල අඩුවක් තිබුණෙ නැහැ. මම දැක්ක දෙයක් තමයි මේ ටෙලි නාට්‍යය යූ ටියුබි මාධ්‍යයේ විකාශනය වෙනකොට මම නැති බව දැනගත්තාම අපේ ආදරණීය පේ‍්‍රක්‍ෂකයන් දාල තිබුණ කමෙන්ට්ස් ඔක්කොම කියෙව්වා. ඒවා දැක්කාම අයියෝ මම ඇයි අයින් වුණේ කියල හිතුණ අවස්ථා ගොඩක් තිබුණ. මම හිතනව ටෙලි නාට්‍ය ඉතිහාසයේම මෙහෙම දෙයක් සිද්ධ වෙලා නැතුව ඇතිි. නැවත ඇය ට සම්බන්ධ වෙන්න ලැබීම වාසනාවක් හැටියට මම දකිනව.

හදිසියේම ඔබ ඇය අතහැර යනවා?
 
ඇත්තම කතාව තමයි ඒ වෙනකොට මම අම්මා කෙනෙක් වෙන්න සූදානමින් හිටියෙ. ඒ වගේම කොරෝනා එවැනි අයට හොඳම නැහැ කියන කතාවකුත් තිබුණනෙ. සමහර අය ෂුටින්වලට ගෙවල් දුන්නෙත් නැහැ. ඒක ඉතිං සාධාරණ දෙයක්. රට වැහුවා. මේ දේවල් එක්ක මමත් ටිකක් බය වුණා සහ ප‍්‍රාර්ථනාට තව ඉදිරියේදි ගුටිකන්න තියෙනව” වැටෙන්න තියෙනව ඒවත් එක්ක ටෙලියේ අධ්‍යක්‍ෂ සමන් අයියත් ගොඩක් බය වුණා ෂුටින් කරන්න. මේ හේතූන් නිසා මේනකාට ආරාධනා කරල තිබුණ ඇය ට සම්බන්ධ වෙන්න.
 
නැවත සම්බන්ධ වීම ගැන පේ‍්‍රක්‍ෂකයො මොකද කියන්නෙ?
 
ඒ ගැන යූ ටියුබ් එකේ දාල තිබුණ කමෙන්ට්ස් ටිකත් මම කියෙව්වා. ඇත්තටම මම හරිම වාසනාවන්තයි. මොකද කිව්වොත් සාමාන්‍යයෙන් කොච්චර හොඳ කළත් රංගන ශිල්පිණියන්ට මිනිස්සු බනිනවනෙ. නමුත් ඒ එක කමෙන්ට් එකකවත් වැරදි දෙයක් කියල තිබුණෙ නැහැ සහ විශේෂයෙන්ම කාන්තාවන් ඔයා එනතුරු අපි බලාගෙන හිටියෙ කියල මං ගැන ගොඩක් හොඳ කියල තිබුණා. ටෙලි නාට්‍යක් තුළින් ඒ තරම් ප්‍රේක්‍ෂක ආදරයට පාත‍්‍ර වීම ගැන මට ලොකු ෂතුටක් තියෙනව.
 
මහේෂි සහ ප‍්‍රාර්ථනා සමානද?

ඔව් සමානකම් තියෙනව. මොකද මං මගේ දරුවන්ට ගොඩක් ආදරෙයි.
 
දැන් දෙදරු මවක්. කොහොමද ඒ වගකීම් ඉටුකරන්නෙ?
 
ඒ වගකීම බොහොම බරපතළයි. දරුවො ඉන්න හැම කෙනෙක්ම ඒ දේ දන්නවා. ඇස් දෙකටත් වඩා පරිස්සමට එයාලව බලාගන්න ඕන. පිට අය ළඟ දාලා යන්න බැහැ. ඒකට මට ලොකුම හයියට ඉන්නෙ මගේ අම්මා සහ ස්වාමියා. ඒ වගේම මගේ උදව්වට ඉන්න කෙනා. ඒ සහයෝගයෙන් තමයි මට නැවත ඇය ට සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබෙන්නෙ.
 
සැමියාගෙන් විරුද්ධත්වයක් නැද්ද?

අනේ නැහැ. එයා හරි කැමතියි. මොකද එයා දන්නව මං වැරැුද්දක් කරන්නෙ නැහැ කියල. ඒ වගේ ස්වාමියෙක් ලබන්න මමත් පිං කරල තියෙනව.
 
පුතා ටීවී එකේ අම්මාව දකිනකොට මොකද කියන්නෙ?
 
දරුවා හරිම ආසයි ඇය ටෙලි නාට්‍යයට. එයාගෙ වැඩ ඔක්කොම අතහැරල ටීවී එක ළඟට දුවගෙන එනව.
 
මේනකා ඉවත් වුණාද ඉවත් කළාද?
 
මේක දෛවෝපගත සිද්ධියක් වගෙයි. මේනකාගේ ජීවිතයේ වටිනාම අවස්ථාවකට තමයි ඇය මේ ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙන්නෙ. ඒ ගැන මේනකා ඉදිරියේදී කියාවි. ඒ නිසා තමයි නැවතත් මට ආරාධනය ලැබුණෙ.
 
ඇය කැමැත්තෙන්ද මේ අවස්ථාව ඔබට ලබා දුන්නෙ?
 
මේනකා ම තමයි ටෙලි නාට්‍යයෙන් ඉවත් වෙලා තිබුණෙ. නැවත ආරාධනය ලැබුණාම ඇත්තටම මම සතුටු වුණා. එයින් ඉවත් වෙන්න සිද්ධ වුණ වෙලාවෙ මම ගොඩක් ඇඩුව. මේනකාත් කොටස් 118කට සහබාගි වුණා. ඇයටත් ඒ වේදනාව දැනෙන්න ඇති.
 
මවක් නිසා ජනප‍්‍රියත්වය අඩුවෙලාද?
 
ඉන්දියාවේ වගේ රටක රංගන ශිල්පිණියක් මවක් වුණා කියල ඇයගෙ ජනප‍්‍රියත්වය අඩුවෙන්නෙ නැහැ. ඒක තමන් අතේ තියෙන දෙයක්. තමන්ගෙ කැමැත්ත මත තීරණය වෙන දෙයක්. හෙදියක් දොස්තරවරියක් දරුවෙක් ලැබුණාට තමන්ගෙ රැුකියාව නතර කරන්නෙ නැහැනෙ. මෙතන වෙනස තියෙන්නෙ අපි අපිව පරිපාලනය කරන විදිහත් එක්ක. දරුවෙක් ලැබුණාම ටිකක් මහත් වෙනව. දරුවන්ට කිරි නොදී පාලනය වෙන්න පුළුවන්. නමුත් මම නම් එහෙම කරන කෙනෙක් නෙමෙයි. මගේ දරුවන්ට මම ගොඩක් ආදරෙයි. දරුවන් වෙනුවෙන් කැපවෙන්න ඕන කාලෙදි ඒ දේවල් කරල නැවත ක්‍ෂේත‍්‍රයට එන්න අවස්ථාව තියෙනව.
 
පෙම්වතියගේ චරිතයට සූදානම්ද?
 
පෙම්වතියගේ චරිතය තව අවුරුද්දකින් විතර හොඳටම කරන්න පුළුවන් වේවි කියල බලාපොරොත්තු වෙනව.
 
ක්‍ෂේත‍්‍රයේ අය මොකද කිව්වෙ?
 
ඇය ටෙලි නාට්‍ය සහ අපේ ප‍්‍රවීණයන් ගැන කතා කරන්නම ඕනා. මගේ අම්මට ඉන්න චමිලා අක්කා” ජනක් පේ‍්‍රමලාල් මේ හැමෝම මම ගියාට පස්සෙ පුදුම ලෙන්ගතුකමකින් සැලකුවෙ. ප‍්‍රවීණයො මට ගොඩක් ආදරෙයි. ඒ නිසා වැඩ කරන්නත් පහසුයි. චතූ” රිතූ අපි ඔක්කොම හොඳ යාළුවො. මම හිටියෙ නැහැ කියල එයාලට වෙනසක් නැහැ. පොඩි නිවාඩුවක් අරගෙන ගියා වගේ තමයි මට දැණුනෙ.
 
අලූත් ආරාධනා?
 
අලූත් ආරාධනයක් නම් ආවා. නමුත් මගේ චූටි දුව නිසා ඒක පිළිගන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ.
 
ජීවිතය දෙස නැවත හැරී බැලූවොත්?
 
මගේ ජීවිතයේ කිසිම කලකිරීමක් නැහැ. මගේ වයසත් එක්ක අද වෙනකොට ක්‍ෂේත‍්‍රයේ යන්න පුළුවන් දුර මම ඇවිත් තියෙනව. මාස්ක් එක දාගෙන හිටියත් පේ‍්‍රක්‍ෂකයන් මාව හඳුනනව. ඒ තරම් ආදරෙයි. කටහඩ පවා හුරුයි. ඒක සල්ලි දීලවත් ගන්න බැරි දෙයක්. පෞද්ගලික ජීවිතයෙත් මම සම්පූර්ණයි. තවත් මොනවා ලබන්නද.
 
කැපිලි කෙටිලි?
 
මම හිතන විදිහට අපි අපේ වැඬේ හරියට කරනව නම් කොච්චර කැපිලි කෙටිලි තිබුණත් ප‍්‍රශ්නයක් නැහැ.
 
කටකතා?
 
කටකතා නම් හැමෝටම තියෙනව. සමහර අය ජනප‍්‍රිය වෙන්න කියලම කටකතා හදාගන්නව. තමන් දෙයක් දැකල විවේචනය කරනව නම් ඒක හරි. එහෙම නැතිව කෙනෙක්ව මානසිකව වට්ටන්න දෙයක් කරනව නම් ඒක හරි වැරදියි.
 
ඉදිරියේදී රංගනයට සීමා මායිම් වැටෙයිද?
 
සීමා මායිම් වැටෙන්න තරම් වැරැුද්දක් මම කරල නැහැ. මම හැම වෙලාවෙම කරන්නෙ මට ගැලපෙන දේ. මට හරියන දේ සහ මිනිස්සු ආදරය කරන දේ.
 
රසික රසිකාවියන් සමග මහේෂි සම්බන්ධ වෙන්නෙ?
 
ඒ වෙනුවෙන් මගේ ඉන්ස්ටර්ග‍්‍රම් ගිණුම තියෙනව. ඒ හැම කෙටි පණිවිඩයක්ම මම බලනව. ඒ වගේම ෆේස් බුක් හරහා ඔනෑම වෙලාවක මට කමෙන්ට් කරන හැම කෙනකුටම ස්තුතියි කියල ප‍්‍රතිචාර දක්වනව.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
8
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya | සමගි ජන බලවේගයේ පා.ම මුජිබුර් රහුමාන් සහභාගීවන ප්‍රහාරය වැඩසටහන සජීවීව
00:00
Video thumbnail
මම පාවා දෙන්න පට්ට චරිතයක්..කපටිකම උපරිමයි..අතීතයේ ඩඩ්ලි කරපු වැඩ හිනාවෙවී කිව්ව හැටි
07:15
Video thumbnail
ඉරාන් ක්‍රිකට් බෝඩ් එක භාරගන්නවද ? "භාරදෙන්න එපැයි භාරගන්නවද නැද්ද කියන්න"
02:13
Video thumbnail
සමහරු දැන් මගෙන් ඉගෙන ගන්න එනවා..ලාල්කාන්ත හැමෝගෙම ඉස්සරහා කිව්ව කතාව
03:38
Video thumbnail
ඉල්ලා අස්වුණු ශම්මි සිල්වා පිටව ගිය හැටි
00:21
Video thumbnail
විශ්ව විද්‍යාල ශිෂ්‍යයයින් අධ්‍යාපන අමාත්‍යංශය වට කරයි..අපේ සටන පුළුවන්නම් නවත්තපන්
02:44
Video thumbnail
ජාත්‍යන්තර සාම පා ගමන සමාප්ති රාජ්‍ය උත්සවය
02:00:56
Video thumbnail
ශම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක කමිටුව ඉල්ලා අස්වෙයි
01:14
Video thumbnail
සුගීෂ්වර ඇතුළු සෙට් එකව ගමේ මිනිස්සු හූ කියලා එලවයි
01:13
Video thumbnail
පාතාලය මර්දනය කරන්න්න තුවක්කුවෙන් විතරක් බෑ..පුංචි දේකින් අපේ කඳුළු වට්ටන්න පුලුවන්
09:50