spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මේක තමා මම දැකපු නරකම පාර්ලිමේන්තුව. සමහරුන්ගෙ ගොන්කමමයි එලියට යන්නෙ

බලය ලබා ගැනීමෙන් පසු සැමටම එක සේ සලකන නව දේශපාලන පරිවර්තනයක් අවශ්‍ය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (06) පස්වරුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හෝමාගම ආසනයේ ක්‍රියාකාරින් හමුවූ අවස්ථාවේදිය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා,

“ඉතාම උගත් බුද්ධිමත් මිනිස්සු ටිකක් තමයි මේ පාර පාර්ලිමේන්තු යන්නේ කියලා තුනෙන් දෙකක බලයක් දුන්නා. මමත් අවුරුදු 17ක් පාර්ලිමේන්තුවේ. මං දැකපු නරකම පාර්ලිමේන්තුව මේ පාර්ලිමේන්තුව. කතා කරන්න දන්නේ නෑ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තියෙන උද්දච්චකම. සමහරු කියන කට කැඩිච්ච කතා. තමන්ගේ ගොංකමයි එළියට යන්නේ. බලය ගත්තට පස්සේ සෑම මිනිසෙකුටම කතා කරන්න පුළුවන් ආණ්ඩු පක්ෂයක මන්ත්‍රීවරු අවශ්‍යයි. අලුත් පරිවර්තනයක් අවශ්‍යයි. ශ්‍රීලනිපය එයට සූදානම් විය යුතුයි.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?