මේක තදින්ම රටට බලපානවා.. මේ ණය ගෙවන්න කාලයක් ඉල්ලගන්න සාකච්ඡා කරන්න පුළුවන්.

මේ නිලධාරීන් සියළු දෙනාම ගෙවල්වලට පන්නන්න ඕනේ..

ජනවාරි මස 18 වැනිදා ගෙවීමට නියමිත ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර ණය වාරිකය වන ඇමෙරිකානු ඩොලර් මිලියන 500 ගෙවා දැමීමට කල් ඉල්ලා ගත යුතු බවයි බොහෝ දෙනෙකුගේ මතය වී තිබෙන්නේ.
විදේශ සංචිත හීන වීම නිසා මතුව ඇති දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ රජය මේ මොහොතේ කල්පනා කළ යුත්තේ රට බේරාගැනීමද නැතිනම් රටට විදේශ ණය ලබා දුන් ණය හිමියන් බේරා ගැනීමද යන්න තෝරා ගත යුතු බවත් මේ මොහොතේ රජය කළ යුත්තේ ගෙවීමට නියමිත විදේශ ණය වේලාවට ගෙවනවා වෙනුවට රට තුළ පවතින විදේශ සංචිත අර්බුදය යාන්තමින් හෝ සමනය කර ගැනීම සඳහා ණය කල් දැමීම බවට මත පලවෙමින් තිබෙනවා.
මේ සම්බන්ධයෙන් අපි පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපාගෙන් විමසීමක් කළා.

ඔහු දැක්වූ අදහස්…

කාල සීමාවක් ගන්න ඒ ආයතනය හෝ රට සමග සාකච්ඡා කළ යුතුව තිබුණා..
මගේ තර්කය ණය ආපසු ගෙවීම සදහා ඒ රටවල් සමග කතා කරන්න ඕනේ..
ආසියානු සංවර්ධන බැංකුව, බැදුම්කර කල් පිරෙන මුල්‍ය ආයතන සමග සහ රටවල්වලින් අපි ලබාගත්ත ද්විපාර්ශවික ණය ආපසු ගෙවීම සඳහා කාලයක් ඉල්ලා සිටින එක නරක දෙයක් නෙවෙයි.
මේක තදින්ම රටට බලපානවා. කතා කරලා ණය ගෙවන්න කාලයක් ඉල්ලගන්න එක සාධාරණයි.
මහ බැංකුවේ, මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ගේ වගකීමක් මේක.
තමන්ගේ වගකීම ඉටු නොකර ආණ්ඩුව දණගහන තැනට මේ ප්‍රශ්නේ ගෙනාවනේ මේ නිලධාරීන් සියලු දෙනාම ගෙවල්වලට පන්නන්න ඕනේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39