මෙහෙකාර සේවයට ඇවිත් දොස්තර ගෙදර සුද්ද කළ කත පොලිස් දැලේ

පුවත්පත් දැන්වීමකට අනුව වෛද්‍යවරයෙකුගේ නිවසේ මෙහෙකාර සේවයට පැමිණ නිවසේ දේපළ සොරාගෙන පලාගොස් සැඟව සිටි කාන්තාවක් අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය පවසනවා.

කාන්තාව විසින් එලෙස සොරාගත් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න වටිනා රන් භාණ්ඩ ද පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

නාරහේන්පිට රුධිර පාරවිලන මධ්‍යස්ථානයේ වෛද්‍යවරයකු ඔහුගේ බම්බලපිටිය ප්‍රදේශයේ පිහිටි නිවසට මෙහෙකාර සේවය සඳහා කාන්තාවක් අවශ්‍ය බව දවමින් සතිඅන්ත පුවත්පතක දැන්වීමක් පළකර තිබෙනවා.

එම දැන්වීමට අනුව පසුගිය පෙබරවාරි 25 වන දින කාන්තාවක් එම නිවසේ මෙහෙකාර සේවය සඳහා පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස පැමිණි කාන්තාව විනාඩි 20ක පමණ කාලයක් එම නිවසේ රැඳී සිට මෙම සොරකම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

පසුව අදාළ සොරකම සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව සී.සී.ටී.වී. දර්ශන ඔස්සේ සිදුකළ විමර්ශනවලදී හඳුනාගත් සැකකාරිය වත්තල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිව තිබෙනවා.

සැකකාර කාන්තාවගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේ දී වෛද්‍යවරයාගේ නිවසින් සොරාගත් දේපළ හෙට්ටිවීදිය රන් භාණ්ඩ අලෙවිසැලකට විකුණූ බවට ප්‍රකාශ කර ඇති බව සඳහන්.

එම රන් ආභරණ සොයා පොලිසිය එහි යාමේ දී ඒවා උණුකර තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගැනුණු සැකකාරිය 38 හැවිරිදි දෙමටගොඩ – සියපත් සෙවණ නිවාස සංකීර්ණයේ පදිංචි තැනැත්තියක්.

සැකකාරිය තලංගම, හෝමාගම, අංගොඩ, මහබාගේ, වත්තල, ජාඇල, දෙමටගොඩ, බ්ලූමැන්ඩල් සහ නිට්ටඹුව ප්‍රදේශවල නිවාසවල මෙහෙකාර සේවය සඳහා ගොස් මේ ආකාරයෙන් සොරකම් සිදුකර ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39