spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙසිගේ කාමරයක් කෞතුකාගාරයක් වෙයි

සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනල් මෙසි මෙවර ලෝක කුසලාන තරගාවලිය අතර නවාතැන්ගෙන සිටි හෝටල් කාමරය කෞතුකාගාරයක් කිරීමට සැලසුම් කර තිබෙනවා.

කටාර් ලෝක කුසලානයේ දී ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ මෙසීගේ කාමරය කුඩා කෞතුකාගාරයක් සඳහා වෙන් කරන බවයි කටාර් විශ්ව විද්‍යාලය නිවේදනය කළේ.

කටාර් විශ්ව විද්‍යාලයේ සන්නිවේදන සහ මහජන සම්බන්ධතා අධ්‍යක්ෂ පවසන පරිදි, මෙසීගේ කාමරයට මේ වන විට ප්‍රවේශ විය හැක්කේ අමුත්තන්ට පමණයි.

මෙසීගේ භාණ්ඩ ළමයින්ට සහ අනාගත පරම්පරාවන්ට දැකගැනීම වෙනුවෙන් තබා ඇති අතර ලෝක කුසලානයේදී ඔහු කළ දැවැන්ත කැපකිරීම් සිහිපත් කිරීම අරමුණයි.

මෙසීගේ කළමණාකරු ක්‍රිස්ටෝෆ් ගැල්ටියර් ද මෙවැනි කෞතුකාගාරයක් ඉදි කිරීම පිළිබඳව සිය සතුට පළ කර තිබෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
9
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?