මෙවර FIFA ලෝක කුසලානයේ තුන්වන තැන ප්‍රංශය පැරදූ එංගලන්තයට

ගෝල 06ට 04ක් ලෙස ප්‍රංශය පරාජය කළ එංගලන්තය 2026 පාපන්දු ලෝක කුසලානයේ තුන්වන ස්ථානය දිනා ගැනීමට අද සමත් වුණා.

ඇමරිකා එක්සත් ජනපදයේ මියාමි ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත්තා.

මෙම තරගයේ දී එංගලන්තය වෙනුවෙන් තෙවන විනාඩියේ දී ඩික්ලැන් රයිස් ගෝලයක් වාර්තා කළ අතර, එම ගොලට වාර්තා කර තවත් මිනිත්තු 15ක් ගතවන මොහොතේ තරගයේ 18 වන විනාඩියේ දී ඉසරි කොන්සා එංගලන්තය වෙනුවෙන් දෙවන ගෝලය වාර්තා කළා.

ඊට අමතරව තරගයේ 37, 46 සහ 87 යන විනාඩිවල බුකායෝ සාකා එංගලන්ත‌යේ ජයගහ්‍රණය තවදුරටත් තහවුරු කරමින් ගෝල ත්‍රිත්වයක් වාර්තා කිරීමට සමත් වුණා.

1966 වසරේ අවසන් මහා තරගයේ දී සර් ජෙෆ් හර්ස්ට්ගෙන් පසු ලෝක කුසලාන පිළිමළුන් පිටුදැකීමේ තරගයක දී ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන එංගලන්ත ක්‍රීඩකයා බවට බුකායෝ සාකා පත්වීම ද විශේෂත්වයක්.

මේ අතර ප්‍රංශ කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ දෙවන ක්‍රීඩකයා බවට ද බුකායෝ සාකා පත් වූ අතර, මීට පෙර 1958 වසරේ දී සුපිරි බ්‍රසීල පාපන්දු ක්‍රීඩක පේලේ ප්‍රංශ කණ්ඩායමට එරෙහිව ගෝල ත්‍රිත්වයක් වාර්තා කළ පළමු ක්‍රීඩකයා බවට පත් වුණා.

මේ අතර මෙම තරගයේ ප්‍රංශය වෙනුවෙන් කෙලියන් එම්බාබ් විසින් 48 සහ 66 යන විනාඩිවලදී ගෝල රැස් කළ අතර, ප්‍රංශය වෙනුවෙන් වාර්තා වූ අනෙක් ගෝල දෙක බ්‍රැඩ්ලි බර්කෝලා සහ ඖස්මන් ඩෙම්බල් 54 සහ 96 වන විනාඩිවලදී වාර්තා කළා.

ඒ අනුව මෙවර පාපන්දු ලෝක කුසලානයේ තෙවන ස්ථානය සඳහා පැවති තරගය ගෝල 06ට 04ක් ලෙස ප්‍රංශය පරාජය කළ එංගලන්තය ජයගත්තා.

ඒ, අනුව එංගලන්තය 1966 දී ලෝක කුසලානය ජයග්‍රහණය කිරීමෙන් පසු, ඔවුන්ගේ සාර්ථකම ලෝක කුසලාන තරගාවලිය බවට 2026 ලෝක කුසලාන තරගාවලිය පත්කරගනිමින් මෙවර ඔවුන්ගේ ලෝක කුසලාන ගමන අවසන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සති ගණන් බලන් ඉන්න ඕනි නෑ පාර්සල් ලබාගන්න - පි පා ගමනින් ගිහින් ජනතාව දැනුවත් කරනවා
02:56
Video thumbnail
පපරේ බෑන්ඩ් ගගහා මොරටුව තැපැල් කාර්යාලයේ සේවකයෝ කරපු දේ - තැපැල් පෙට්ටිත් උස්සගෙන කරන වැඩේ
02:45
Video thumbnail
රෙස්ටූරන්ට් කෑම ගැන බෙල්ලන්විල ධම්මරතන හිමි කිව්ව අමුතු කතාව - "මමත් රෙස්ටූරන්ට් Sponsor කරන කෙනෙක්"
06:15
Video thumbnail
යන්න කියන්න අප්පේ මම දහදුක් විඳලා හම්බ කරගත්තේ - අලියා ඇවිත් වී ටිකට දුන්න සුද්දය
00:39
Video thumbnail
කුඩාඔය පොලිසියේ ස්ථානාධිපති නිල නිවස පොලිස්පති අතින් විවෘත කළ අයුරු
02:21
Video thumbnail
අධ්‍යාපන වෙනසක් කරනවා කියලා මෙලෝ දෙයක් නොකර කයිවාරු ගහනවා - බොරු කියනවා
08:07
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේ සංවේදී වූ මෛත්‍රිපාල - "මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ.."
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48