මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම ගැන රජයෙන් තීරණයක්

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන අතර, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු විමසමින් පුත්තලම ගොවි නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

රජය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 2ක් යන තෙක් එම සහල් එක් පවුලකට සහල් කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමට තීරණය කර තිබෙනවා.

මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් ද , මුදල් අමාත්‍යාංශය ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදීරිපත් කළ බවත්, මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඊට අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව මෙවර මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලයේ මැදිහත් වීමෙන් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මගින් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇති බැවි අමාත්‍යවරයා කියාසිටියේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බිමල්, නාමල් කරුණාරත්න මහණවෙලා හිටියේ..යකෝ මුන් මහාවංශය කියවලාවත් නැද්ද ?
01:51
Video thumbnail
අලුත්ගම අනතුර ඇසින් දුටු අයෙක් සියල්ල හෙළිකරයි - "සංඥා වැදෙද්දිම ත්‍රීවිල් එක දැම්මේ"
01:38
Video thumbnail
"කෝච්චි නැතුවත් නිකනුත් පත්තු වෙනවා" අනතුරෙන් පසු උණුසුම් වූ මිනිස්සු..මෙන්න තවත් දර්ශන
03:28
Video thumbnail
කාලයක් මහණ වෙලා හිටපු සෙට් එක ගැන හාමුදුරුවෝ ප්‍රසිද්ධියේම කියයි..
00:23
Video thumbnail
දුම්රිය අනතුරෙන්, පෙර පිනකට ජීවිතය බේරුණ තරුණයා - "ලොකු දෙයක් උඹ බේරිච්ච එක"
00:26
Video thumbnail
අලුත්ගම බිහිසුණු දුම් රිය අනතුරේ CCTV දර්ශන එළියට..දානකොටම ආවානේද කෝච්චිය ?
00:47
Video thumbnail
බිහිසුණු දුම්‍ රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:44
Video thumbnail
පරම වීර විභූෂණ සම්මානයෙන් පිදුම් ලැබූ දිවංගත රණවිරුවෙකුගේ මව්පියන්ට යුද්ධ හමුදාධිපතිගෙන් උපහාර
02:03
Video thumbnail
සුරේෂ් සලේ ගැන කිසි සාක්ෂියක් නෑ..ආණ්ඩුවට ප්‍රබල චෝදනාවක්..ශානිගේ තනි තීන්දුවෙන් සලේ ඇතුළට දැම්මේ ?
17:38
Video thumbnail
මීට සුළු මොහොතක බිහිසුණු දුම්‍රිය අනතුරක් සිදුවූ ස්ථානයේ උණුසුම් තත්ත්වයක්
00:48