spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීම ගැන රජයෙන් තීරණයක්

මෙවර මහ කන්නයේ දී වී මිල දී ගැනීමේ කටයුතු වී අලෙවි මණ්ඩලය මගින් සිදු නොකරන අතර, ඒ වෙනුවට වී මෙට්‍රික් ටොන් 66,000ක් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගැනීමට රජය තීරණය කරන ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

මෙවර මහ කන්නයේ වී මිල දී ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශයේ වැඩපිළිවෙළ පිළිබඳව කරුණු විමසමින් පුත්තලම ගොවි නියෝජිතයින් පිරිසක් සමග පැවති සාකච්ඡාවකට සහභාගී වෙමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කිරීමට රජය තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

රජය විසින් දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් මිල දී ගන්නා වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් සඳහා මාස 2ක් යන තෙක් එම සහල් එක් පවුලකට සහල් කිලෝ 10ක් බැගින් නොමිලයේ ලබා දීමට තීරණය කර තිබෙනවා.

මහ කන්නයේ වී මිල දී ගැනීම සම්බන්ධව කෘෂිකර්ම අමාත්‍යවරයා වශයෙන් තමන් ද , මුදල් අමාත්‍යාංශය ද අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙකක් ඉදීරිපත් කළ බවත්, මුදල් අමාත්‍යාංශය මගින් ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අනුව ඊට අනුමැතිය හිමි වූ බව ද අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව මෙවර මහ කන්නයේ වී අස්වනු මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලයේ මැදිහත් වීමෙන් නොව දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු මගින් සිදු කිරීමට රජය තීරණයක් ගෙන ඇති බැවි අමාත්‍යවරයා කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?