මෙරට ළමුන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නැ යි කෝපා කමිටුව ඉල්ලයි

මෙරට ළමයින් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කළ යුතු බවට රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අවධාරණය කරනවා.

ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම කමිටුවේ වාර්තාව මගින්.

එහිදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවටයි කමිටුව පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ.

ළමයින් සම්බන්ධයෙන් පවතින නීති – අණපනත් කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එමඟින් නිර්දේශ කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී ඇත්තේ අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අදියරේ පවතින බවයි.

අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ළමුන් ගොදුරුවන අපචාර වලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට මැදිහත් වන ලෙස ද කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14