spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට ළමුන් වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්නැ යි කෝපා කමිටුව ඉල්ලයි

මෙරට ළමයින් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීම කඩිනම් කළ යුතු බවට රජයේ ගිණුම්කාරක සභාව හෙවත් කෝපා කමිටුව අවධාරණය කරනවා.

ඒ, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එම කමිටුවේ වාර්තාව මගින්.

එහිදී සෑම අධිකරණ කලාපයක් සඳහාම පරිවාස කාර්යාලයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවධානය යොමු කළ යුතු බවටයි කමිටුව පරිවාස සහ ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුවට දන්වා ඇත්තේ.

ළමයින් සම්බන්ධයෙන් පවතින නීති – අණපනත් කඩිනමින් සංශෝධනය කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසද එමඟින් නිර්දේශ කර තිබෙනවා.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා පෙන්වාදී ඇත්තේ අණපනත් සංශෝධනය කිරීමේ වැඩපිළිවෙළ මේ වන විට ආරම්භ කර ඇති බවත් ළමා හා යෞවන ආඥා පනත සම්බන්ධ නීති සංශෝධනය අවසන් අදියරේ පවතින බවයි.

අන්තර්ජාලය භාවිතා කිරීමෙන් ළමුන් ගොදුරුවන අපචාර වලින් ඔවුන් මුදවාගත හැකි ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවට මැදිහත් වන ලෙස ද කාරක සභාව විසින් උපදෙස් ලබාදී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?