spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට හිටි පාකිස්ථානු තානාපති ඝාතන සැලැස්මේ චූදිතයින් තිදෙනා නිදොස් කොට නිදහස් කෙරේ

2006 වසරේ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ පාකිස්තානු මහකොමසාරිස්වරයා ගමන් ගත් රථ පෙළ ඉලක්ක කර බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා රක්ෂිත බන්ධනාගාරගත කර සිටි එල්.ටී.ටී.ඊ විත්තිකරුවන් තුන්දෙනෙකු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුවයි කොළඹ මහාධිකරණ විනිසුරු මහේන් වීරමන් විසින් මෙම තීන්දුව ලබා දෙනු ලැබුවේ.

තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේ විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී නොමැති බවයි.

ඒ අනුව විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කරන බවත් විනිසුරුවරයා තම තීන්දුවේ සඳහන් කළා.

මෙම විත්තිකරුවන් තුන්දෙනා වසර 15කට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගත ව සිටි බවත් විත්තියේ නීතිඥවරු සඳහන් කළා.

2006 වසරේ අගෝස්තු මස 14 වන දා කොළඹ කොල්ලුපිටිය ප්‍රදේශයේ දී එවක ශ්‍රී ලංකාවේ කටයුතු කළ පාකිස්ථානු මහකොමසාරිස් බසීර් අලි මොහොමඩ් ගමන් ගත් රථ පෙළකට බෝම්බ ප්‍රහාරයක් එල්ල කොට මහු ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් යෝගරාජා නිරෝජන් හෙවත් ස්ටාර්, සුබ්‍රමනියම් සුරේන්ද්‍ර රාජා නොහොත් කරන්, කනගරත්නම් ආදිත්‍යන් නොහොත් ගිරි වන එල්ටීටීඊ විත්තිකරුවන් තුන් දෙනාට එරෙහි ව නීතිපතිවරයා විසින් චෝදනා 25ක් යටතේ නඩු පවරා තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?