ස්පුට්නික් වී එක් මාත්‍රාවක් ලබා ගත්ත ද බෙහෙවින් ඵලදායී වන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ පර්යේෂකයෝ පවසනවා.
ස්පුට්නික් වී එක් එන්නත් මාත්‍රාවක් පමණක් ලබා ගත් පිරිසක් ඇසුරින් කරන ලද පර්යේෂණයක දී මෙය හෙළිව තිබෙනවා.
නමුත් එන්නතේ දෙවන මාත්‍රාව ද ප්‍රයෝජනවත් බවයි පර්යේෂකයන් සඳහන් කරන්නේ.
එක් මාත්‍රාවක් පමණක් ගත් පුද්ගලයින් 327 කගේ පිරිසක් මෙම පර්යේෂණයට සහභාගී කරවා ගෙන ඇති අතර පළමු මාත්‍රාවෙන් පසුව 88.7% ක ප්‍රතිශක්තිකරණ හැකියාවක් ඔවුන් තුළ ඇතිව තිබෙන බව එහිදී හෙළිව තිබෙනවා.














Boru kiyanna epa. Mage ammats meka aragana masa 3 wenawa check karama thama anti bodies hadila ne kiyanawa