මෙරට ලොකුම ධනවතුන් 100 නම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැරසෙයි

ජාතියේ ඉහළ ධනවත් පුද්ගලයන්ගේ බදු අනුකූලතාව සහතික කිරීම සඳහා විවිධ ප්‍රවාහවලින් වැඩිම ආදායම් වාර්තා කරන බදු ගෙවන්නන් 100 දෙනා නම් කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සැරසෙනවා.

නිශ්චල දේපළ, මූල්‍ය බුද්ධි ඒකකය වාර්තා, බැංකු ගිණුම් විස්තර සහ ගිවිසුම් හවුල්කරුවන්ගේ තොරතුරු වැනි තුන්වන පාර්ශ්ව දත්ත ඇතුළු අනෙකුත් දත්ත මූලාශ්‍ර සමාලෝචනය කිරීමෙන් මෙම පිරිස හඳුනාගන්නා බවයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පැවසුවේ.

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.ඒ.සේපාලිකා චන්ද්‍රසේකර කියා සිටියේ රටේ බදු පරිපාලනය පිළිබඳ සාධාරණත්වය සහ විශ්වාසය යළි ස්ථාපිත කිරීමේ ප්‍රයත්නයේ කොටසක් ලෙස මෙම පියවර ගන්නා බවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ඉහළ ධනවත් පුද්ගලයන්ගේ ඒකකය (HWIU) නමින් කැපවූ කාර්යාලයක් ද පිහිටුවා තිබෙනවා.

තෝරාගත් මෙරට ධනවත් පුද්ගලයින් සංඛ්‍යාවක් සම්බන්ධ කර ගැනීමේ එම කාර්යාලයට පැවරී ඇති වගකීමයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නිරෝෂා සංවේදී වී නන්දා මාලනිය වෙනුවෙන් පිටකල වදන් - ඇයගේ අඩුව පුරවන්න ආදේශකයක් නෑ
02:34
Video thumbnail
මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
01:18
Video thumbnail
මොන කාල#ණ්නිද මුන්..සල්ලිවලින් කාලා ආතල් ගන්නවා - මිනිස්සුන්ව රවට්ටපු ඒජන්සියක් වටලයි
03:18
Video thumbnail
නන්දා මාලනීට නාවික හමුදාපති පැමිණ දුන් නිල ආචාර‍ය - නාවික හමුදාපතිව මිනිස්සු වට කරගයි
00:42
Video thumbnail
බොන්න වතුර නැතිව දුක් විඳින දේවහූව ගම්මානයේ මිනිස්සු - වකුගඩු රෝගීන් එන්න එන්නම වැඩිවෙනවා
14:15
Video thumbnail
නිවී ගිය යශෝරාවයට කාදිනල් හිමි අවසන් බුහුමන් දෙන්න ආ අයුරු - අපේ ජාතික වස්තුවක් අහිමි වුණේ
00:53
Video thumbnail
හෙළ ගීයේ අමරණීය ස්වරයට, නාවික හමුදාපතිගේ ගෞරවනීය සැලියුට් එක
00:34
Video thumbnail
දෙපා නොමැතිව මාලනීට සමුදෙන්න ආ පුද්ගලයා බලන්නකෝ
01:04
Video thumbnail
හේමාල් මාලනියට අවසන් ගෞරව දක්වන්න ආ හැටි
00:26
Video thumbnail
මාලනියට සුනිල් හදවතින්ම පුද කළ අවසන් සිපගැනීම
00:23