මෙරට රත්‍රං හොරෙන් ඉන්දියාවට පටවන්න දැරූ තැත වරදියි

මුහුදු මාර්ගයෙන් මෙරට සිට ඉන්දියාවට රත්‍රං ගෙන යාමේ ජාවාරමක නිරත වූ සැකකරුවන් තිදෙනෙකුව කල්පිටිය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.

මොවුන් ඊයේ (04) කල්පිටිය – බත්තලන්ගුණ්ඩුව දුපතට ආසන්නයේ දී යි අත් අඩංගුවට ගැනුණේ.

සැකකරුවන් සතුව තිබී රත්‍රං කිලෝග්‍රෑම් 11 යි ග්‍රෑම් 450 ක් ද සොයා ගැනුණා.

සැකකරුවන් සැකකරුවන් කල්පිටිය – ආනවාසල පදිංචිකරුවන් බවට හඳුනාගෙන තිබෙනවා.

මෙම රත්‍රං ඉන්දියාවට ප්‍රවාහනය කිරීමට භාවිත කළ කුඩා ප්‍රමාණයේ බෝට්ටුවක් ද සොයා ගැනුණු අතර සොයාගත් රත්‍රං තොගය කටුනායක පිහිටි රේගු කාර්‍යාලයට භාර දී තිබෙනවා.