spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

මෙරට මුහුදු සීමාවේ දී ඉන්දීය ධීවර යාත්‍රා දෙකක් සමඟ හයදෙනෙක් අත්අඩංගුවට (ඡායාරූප)

ශ්‍රී ලංකා නාවික හමුදාව යාපනය, ඩෙල්ෆ්ට් දූපතට ඔබ්බෙන් වූ උතුරු මුහුදේ සිදුකළ විශේෂ මෙහෙයුමකින් මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ධීවර යාත්‍රා දෙකක් සමඟ ඉන්දීය ධීවරයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (22) රාත්‍රීයේදී මෙරට මුහුදු සීමාවට ඇතුළු වී අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා රැසක් උතුරු නාවික විධානය මඟින් නිරීක්‍ෂණය කර, එම ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීමේ විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර, එහිදී මෙම ඉන්දීය ධීවරයින් හයදෙනා අත්අඩංගුවට ගත් බවයි නාවික හමුදාව පැවසුවේ.

අත්අඩංගුවට ගත් ධීවරයින් කන්කසන්තුරය වරාය වෙත රැගෙන ආ අතර, ඉදිරි නීතිමය කටයුතු සඳහා ඔවුන් මයිලඩි ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නියමිතව ඇති බව වාර්තා වන්නේ.

WhatsApp Image 2024 01 23 at 11.28.34 1
WhatsApp Image 2024 01 23 at 11.28.34 2
WhatsApp Image 2024 01 23 at 11.28.34
WhatsApp Image 2024 01 23 at 11.28.35
WhatsApp Image 2024 01 23 at 11.28.36
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?