මෙරට බන්ධනාගාර 33හිම ආරක්ෂාව ගැන ජනපති ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්

බන්ධනාගාරවල පවතින තත්ත්වය සම්බන්ධයෙන් සහ බන්ධනාගාර රැඳවියන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ගෙන ඇති පියවර සමාලෝචනය කිරීමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙරට බන්ධනාගාර 33හිම රැඳවියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තවදුරටත් ගත යුතු පියවර පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණා.

එමෙන්ම, රැඳවියන් මුහුණ දී සිටින ගැටලු සහ ඔවුන්ගේ සුභසාධන කටයුතු මෙන්ම හදිසි අවස්ථාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳව සොයා බැලීමට ඒකාබද්ධ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමටද මෙහිදී තීරණය කෙරුණා.

ඒ අනුව, බන්ධනාගාර 33ටම අදාළව බන්ධනාගාර නිලධාරීන්, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, සහ අවශ්‍ය අවස්ථාවලදී ත්‍රිවිධ හමුදාව ඇතුළු සියලු පාර්ශ්වකරුවන්ගෙන් සමන්විත ඒකාබද්ධ යාන්ත්‍රණයක් ඉදිරි සතියේදී ස්ථාපිත කිරීමට නියමිත අතර ඔවුන් බන්ධනාගාර රැඳවියන් සමගද තවදුරටත් සාකච්ඡා කිරීමට නියමිතයි.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර, මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, අධිකරණ සහ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ලේකම් අයේෂා ජිනසේන, පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ සහ බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා
00:57
Video thumbnail
සෙත් ශාන්තියක් කරගන්න කැබලිත්ත දේවාලයට ආ වන අලියා - බලන්නකෝ ඉන්න අපූරුව
01:21
Video thumbnail
“දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගාරය විදුලිබල පද්ධතියට එක් කරයි
01:18
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා කියූ දේ
01:00
Video thumbnail
නාමල් බලන්න අධිකරණයට ආ ලක්ෂ්මන් යාපාත් හරවා යවපු හැටි
01:16
Video thumbnail
මේ යන්නේ හිට්ලර් පාලනයක් හදන්න - ජනතාව පැලවත්තේ සිරකරුවන් කරගන්න රජය උත්සාහ කරනවා
14:43
Video thumbnail
මාතර දිස්ත්‍රික්කයේ දරුවන් අයිස් මත්ද්‍රව්‍ය භාවිතයේ වර්ධනයක් - ධීවර හා සංචාරක ප්‍රදේශවල බහුලයි
01:16
Video thumbnail
සීට් බෙල්ට් තියෙන වාහන පමණයි අදින් පසු අධිවේගී මාර්ගවල ගමන් කරන්න පුළුවන්
02:45
Video thumbnail
සෞදියේදී ම#ණ දඬුවම හිමිවූ තරුණයාගේ මව හඬා වැටෙමින් ඉල්ලපු දේ - "පුතාගේ අතින් වුණ වරදට සමාව දෙන්න"
01:19
Video thumbnail
දිලිත් තරුණයින් එක්ක බොක්කෙන්ම කිව්ව දේ - හා..හා..ඩෝබි Commentsවලට කළබල වෙන්න එපා
12:33