මෙරට පෞරාණික වස්තු නැවත ලබාගැනීම ගැන නෙදර්ලන්ත තානාපති සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත තානාපති වීබේ ද බෝර් (Wiebe de Boer) සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි අතර විශේෂ හමුවක් පසුගියදා පැවැත්වුණා.

ඒ, බත්තරමුල්ල, සෙත්සිරිපාය පිහිටි අමාත්‍යංශ පරිශ්‍රයේදී යි.

මෙම සාකච්ඡාවේ දී, යටත් විජිත සමයේ මෙරටින් ගෙනගිය ශ්‍රී ලාංකේය පෞරාණික කෞතුක වස්තු නැවත මෙරටට ලබාගැනීමේ වැඩසටහනේ ප්‍රගතිය සහ එහි ඉදිරි පියවර පිළිබඳව දීර්ඝ ලෙස අවධානය යොමු කෙරිණි.

මීට අමතරව, මෙරට කෞතුක වස්තු, පුරාවිද්‍යාත්මක ස්ථාන ඇතුළු ජාතික උරුමයන් සංරක්ෂණය කිරීමේ කටයුතු සඳහා නෙදර්ලන්ත රජයේ තාක්ෂණික හා නිපුණතා සහය ලබාගැනීමේ හැකියාව පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කරාගෙන ඇති බවද සඳහන්.

මෙම අවස්ථාව සඳහා නෙදර්ලන්ත තානාපති කාර්යාලයේ සංස්කෘතික කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ ප්‍රතිපත්ති උපදේශක ක්‍රිෂාන් මෙන්ඩිස් (Chryshane Mendis) ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හර්ෂ පාර්ලිමේන්තුවේ කළ ප්‍රබල හෙළිදරව්ව - TIN එක වෙනුවට දාලා තියෙන්නේ තිතක්
06:27
Video thumbnail
ලොරි රථයක් මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක වැ#දී බිහිසුණු අනතුරක් - රියදුරුට සහ සහයකයාට බරපතළයි
00:46
Video thumbnail
හැටන් - කොළඹ ප්‍රධාන මාර්ගයට කඩා වැටුණු මාර ගස ඉවත් කරයි - ගමනාගමනය යථා තත්ත්වයට
01:10
Video thumbnail
"මඟුලක් කියවන්න එපා...ඔයා මහත්තයෝ බූ#රුවා"සෆාරි රියදුරන්ට සත්තම දැම්ම පුද්ගලයා..
01:29
Video thumbnail
හෝමාගම ගින්නෙන් දිවි අහිමි වූ දමයන්තිගේ සිරුර නිවසට රැගෙන එයි - පවුලේ අය හඬා වැටෙයි
01:23
Video thumbnail
ඔයාට අයිතියක් නෑ අයිසේ අයිසේ කියලා කියන්න - PHI නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම නිසා උණුසුම්
02:31
Video thumbnail
කථානායක පොහොට්ටුවේ මන්ත්‍රී කෙනෙක් එක්ක පැටලෙයි - මේ සෙල්ලම මෙහෙම කරන්න බෑ
04:19
Video thumbnail
අර්චුනාට මෝ#යා කිව්ව නිසා පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් - මානසික රෝගියෙක් නිසා ඉවසගෙන ඉන්නේ
07:02
Video thumbnail
අර්චුනා නැගිටලා කියපු දේට රෝහිණීටයි ප්‍රසාද් සර්ටයි හොඳටම හිනා - බොහොම ස්තූතියි බොහොම ස්තූතියි
02:18
Video thumbnail
ඩෙංගු බලන්න ගිය නිලධාරීන්ට නිවසකින් ගිනි අවියක් හමුවෙයි - නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට
05:50